Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා එකඟ වූ බව ලෙබනනය කියයි
    Local News

    ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා එකඟ වූ බව ලෙබනනය කියයි

    By LFNJune 2, 2026No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු සැලැස්මකට අනුව ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා සංවිධානය එකඟ වී ඇති බවත්, ඒ වෙනුවට ලෙබනනයේ අගනුවර වන බේරූට් වෙත ප්‍රහාර එල්ල නොකිරීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බවත් ලෙබනනය ප්‍රකාශ කරයි.

    අමෙරිකාවේ පිහිටි ලෙබනන තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ, “ප්‍රහාර අන්‍යෝන්‍ය වශයෙන් නැවැත්වීම සඳහා වන අමෙරිකානු යෝජනාව හෙස්බුල් සංවිධානය විසින් පිළිගත් බවට තහවුරු කිරීම් ලැබී ඇති” බවය.

    ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ද මෙම එකඟතාව තහවුරු කර ඇති නමුත්, “හිස්බුල්ලා සංවිධානය අපගේ නගර සහ සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම නතර නොකරන්නේ නම්” බේරූට් වෙත එල්ල කරන ප්‍රහාර ඉදිරියටත් ක්‍රියාත්මක වන බවට අනතුරු ඇඟවීය.

    ලෙබනනය තුළ ඊශ්‍රායලය සිදුකරන මිලිටරි ක්‍රියාමාර්ග දැනට පවතින අමෙරිකා-ඉරාන සටන් විරාමයට තර්ජනයක් බවට ඉරානය අනතුරු ඇඟවීමෙන් පසුව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමන් නෙතන්යාහු සහ හිස්බුල්ලා නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බවත් සියලු වෙඩි තැබීම් නැවැත්වීමට ඔවුන් එකඟ වූ බවත් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම නිවේදන නිකුත් වී තිබේ.

    කෙසේ වෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ , සැලසුම් කර ඇති පරිදි ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) දකුණු ලෙබනනය තුළ සිය මෙහෙයුම් දිගටම කරගෙන යනු ඇති බවය.

    මේ අතර, සටන නැවැත්වීමට දෙපාර්ශවයම එකඟ වූ බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසුව ද ඇතැම් ගැටුම් දිගටම පැවතුණ බව සඳහන්වේ.

    උතුරු ඊශ්‍රායලයේ ගම්මාන දෙකක් අසල පිහිටි ඊශ්‍රායල ටැංකි සහ සොල්දාදුවන්ට ඩ්‍රෝන යානා සහ “කාලතුවක්කු ප්‍රහාර මාලාවක්” භාවිතා කරමින් ප්‍රහාර තුනක් එල්ල කළ බව හෙස්බුල් සංවිධානය පැවසීය.

    මීට අමතරව, ලෙබනනයේ ඊශ්‍රායල මිලිටරි ක්‍රියාමාර්ග හේතුවෙන් ඉරානය අමෙරිකාව සමඟ පවත්වන වක්‍ර සාකච්ඡා අත්හිටුවිය හැකි බව ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය වාර්තා කළේය.

    ඉරානයේ ප්‍රබල ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ පුවත් ඒජන්සිය වැඩිදුරටත් කියා සිටියේ, ඉරානය සහ එහි මිත්‍ර පාර්ශවයන් විසින් රතු මුහුදේ පිවිසුමේ ඇති “බාබ් අල්-මැන්ඩබ් සමුද්‍ර සන්ධිය සක්‍රීය කළ හැකි” බවය.

    නමුත් පසුව Truth Social හි තැබූ සටහන් වල ජනපති ට්‍රම්ප් අවධාරණය කළේ ඉරානය සමඟ සාකච්ඡා “ඉතා වේගයකින්” සිදුවෙමින් පවතින බවත්, තමන් නෙතන්යාහු සහ හිස්බුල්ලා නියෝජිතයන් සමඟ කතා කළ බවත්ය.

    අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක් අප්‍රේල් 8 වනදා බලාත්මක වූ නමුත් එය සටන් අවසන් කිරීමට අපොහොසත් වී ඇත.

    මාස තුනක් තිස්සේ පවතින මෙම යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය ඵලදායී ලෙස වසා දමා ඇති අතර, එමඟින් ගෝලීය බලශක්ති පිරිවැය ඉහළ ගොස් ඇත.

    ලෝකයේ තෙල් සහ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) සැපයුමෙන් පහෙන් එකක් පමණ සාමාන්‍යයෙන් මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි.

    වොෂින්ටනය සහ ටෙහෙරානය ස්ථිර ගිවිසුමකට ආසන්න බවත් සාකච්ඡා ප්‍රගතියක් ලබමින් පවතින බවත් ජනපති ට්‍රම්ප් මෑත දිනවලදී නැවත නැවතත් ප්‍රකාශ කර ඇතත්, මෙතෙක් කිසිදු නිල ගිවිසුමකට එළඹ නැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026051 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.