Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට
    Business

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    By LFNMay 28, 2026No Comments1 Min Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශගුණික විපර්යාස, භූදේශපාලනික ආතතීන් සහ බදු ප්‍රතිපත්ති හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ඉතිහාසගත ලෙස ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

    මේ හේතුවෙන් ලන්ඩනයේ කෝපි කෝප්පයක මිල පවුම් 5ක් (£5) දක්වාත්, අමෙරිකාවේ එය ඩොලර් 9ක් ($9) දක්වාත් ඉහළ ගොස් තිබේ.

    ලොව ප්‍රධානතම කෝපි නිෂ්පාදකයන් වන වියට්නාමයට බලපෑ දැඩි නියඟය හා ටයිෆූන් චණ්ඩ මාරුතය නිසා ‘රොබස්ටා’ (Robusta) කෝපි අස්වැන්නද, බ්‍රසීලයට බලපෑ දැඩි හිම පතනය නිසා ‘ඇරබිකා’ (Arabica) කෝපි අස්වැන්නද විශාල ලෙස පහත වැටී ඇත.

    මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වියට්නාමය, ඉන්දුනීසියාව සහ බ්‍රසීලය වැනි රටවලින් ආනයනය කරන කෝපි සඳහා අධික බදු පැනවීම හේතුවෙන් ඇමරිකාව තුළ කෝපි මිල සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, පසුව එල්ල වූ ජනතා විරෝධය හමුවේ එම බදු ඉවත් කිරීමට ධවල මන්දිරයට සිදුවිය.

    යුරෝපා සංගමය විසින් වනාන්තර විනාශ කර වගා කරන කෝපි තහනම් කිරීමට නව නීති පැනවීම නිසාද නිෂ්පාදන පිරිවැය වැඩි වී ඇත.

    කෙසේ වෙතත්, වර්තමාන තරුණ පරපුර ‘Cold Brews’ සහ ‘Matcha’ වැනි නවීන මිල අධික පාන වර්ගවලට යොමුවීමත්, චීනයේ ‘Luckin Coffee’ වැනි සමාගම් තාක්ෂණික ඇප් හරහා කෝපි අලෙවිය දියුණු කිරීමත් නිසා කෝපි සඳහා පවතින ඉල්ලුම අඩු වී නොමැත.

    ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ පවතින සැපයුම් දාම බිඳවැටීම් හමුවේ, මිල ඉහළ ගියද ලෝකවාසී කෝපි ලෝලීන්ගේ ඉල්ලුම නොවෙනස්ව පවතින බැවින් ඉදිරියේදීත් කෝපි මිල ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026

    වාහන මිලත් හෙලවෙන ලකුණු

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 202605 Views

    මෝල්ටාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 11…

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.