Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංගීත ප්‍රසංගවලට කාලසීමාව වෙන්වෙයි
    Featured

    සංගීත ප්‍රසංගවලට කාලසීමාව වෙන්වෙයි

    By LFNApril 10, 2026No Comments1 Min Read244 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උත්සව සමය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංග (Musical Shows) සම්බන්ධයෙන්, ප්‍රසංග පැවැත්වීමට දැඩි නීති මෙන්ම අවසර දෙන වේලාවන් පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ ෆෙඩ්රික් වුට්ලර් මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර ති‍බෙනවා.

    උත්සව සමයේ සෑම පොලිස් බල ප්‍රදේශයකම පාහේ සංගීත ප්‍රසංග පැවැත්වීමට විශාල ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබෙමින් පවතින බව ඔහු සඳහන් කළේය. මේ ඉල්ලුම්පත් සලකා බලා ඒ සඳහා අවශ්‍ය අවසරය ලබාදීම සහ නියාමනය කිරීම අදාළ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හෝ ස්ථානාධිපතිවරුන් විසින් සිදු කරනු ලබයි.

    මේ සංගීත ප්‍රසංග ඉතාමත් ගෞරවනීය ලෙස අවසානය දක්වා පවත්වාගෙන යෑමට නම් සංවිධායක මණ්ඩලයේ පූර්ණ සහයෝගය පොලිසියට අවශ්‍ය බව වුට්ලර් මහතා අවධාරණය කළේය. ප්‍රසංග භූමියේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමට සංවිධායක මණ්ඩලය විසින් තෝරාගත් නියෝජිතයන් පත් කරමින් ඔවුන් ද ඒ සඳහා කැපවිය යුතු බව ඔහු පැවසීය.

    ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයන්ට අනුකූලව සංගීත ප්‍රසංග පවත්වාගෙන යා යුතු කාලසීමාව පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

    සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පමණි.

    සිකුරාදා සහ සෙනසුරාදා අලුයම 1.00 දක්වා පැවැත්වීමට අවසර හිමි වේ.

    ඉරිදා මධ්‍යම රාත්‍රී 12.30 දක්වා පමණක් පැවැත්විය හැකිය.

    අදාළ නීති රීති සහ කොන්දේසිවලට අනුගත වෙමින්, මහජන පීඩාවක් නොවන පරිදි ඉතාමත් සාමකාමී අයුරින් මේ උත්සව අවසන් කර ගැනීමට කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සංවිධායක මණ්ඩලවලින් ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.