Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තිය අප්‍රේල් මාසයේදී එළිදක්වන බව අගමැතිනිය කියයි
    Featured

    ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තිය අප්‍රේල් මාසයේදී එළිදක්වන බව අගමැතිනිය කියයි

    By LFNFebruary 14, 2026No Comments3 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ගුරු විභාග ද්විත්වය පවත්වනු ලබන්නේ පවතින නඩු කටයුතුවලට අදාළ අධිකරණ තීන්දු අනුව බවත්, ලැබී ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන උපාධිය ලබාගත් දිනය සම්බන්ධ කොන්දේසි සංශෝධනය කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කළ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

    ​නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මොනරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ද්විතීයික පාසල් සඳහා සුහුරු පුවරු (Smart Boards) ලබාදීමේ වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් 132ක් සඳහා සුහුරු පුවරු පිරිනැමේ.

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ ක්‍රියාත්මක ඩිජිටල් කාර්යසාධක බලකායේ මැදිහත්වීම මත සිදුකෙරෙන මෙම වැඩසටහනේ සංකේතවත් පියවරක් ලෙස ද්විතීයික පාසල් 10ක් සඳහා සුහුරු පුවරු ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු විය.

    ළමා ආරක්ෂණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සැකසූ නව ඩිජිටල් ප්‍රතිපත්තිය එළඹෙන අප්‍රේල් මාසයේදී හඳුන්වා දෙන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

    ​නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට හඳුන්වා දුන් නව ඉගෙනුම් ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය ඊයේ (13) මොනරාගල දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූවාය.

    එහිදී කුඹුකන මො/ශ්‍රී ෂන්මුගම් දෙමළ මහා විද්‍යාලයේ සහ මොනරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍යතුමිය පියවර ගත්තාය.

    ​සිසුන් සංඛ්‍යාව ඉහළ යාම සහ යටිතල පහසුකම් සංවර්ධනය වීම සැලකිල්ලට ගනිමින්, මදුරුකැටිය මහා විද්‍යාලයේ නම “මොනරාගල ධර්මරාජ මහා විද්‍යාලය” ලෙස වෙනස් කිරීමට පාසල් සංවර්ධන සමිතිය ඉදිරිපත් කළ යෝජනාවට ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අනුමැතිය ලබා දුන්නාය.

    අලුත් වූ වැඩපොත් සහ ක්‍රියාකාරකම් පාදක කරගත් නව අධ්‍යාපන ක්‍රමය ඉතා ඵලදායී බවත්, දරුවන් ඉතා උනන්දුවෙන් ඊට සහභාගී වන බවත් එහිදී ගුරුවරු අග්‍රාමාත්‍යවරිය සමඟ පැවසූහ.

    මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති අධ්‍යාපන බලධාරී හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

    ​”පවතින ගුරු පුරප්පාඩුවලට සම්පූර්ණ විසඳුමක් නොවුණත්, මෙම විභාග හරහා සැලකිය යුතු සහනයක් ලබාදිය හැකියි. අධිකරණ තීරණය අනුව උපාධිය ලබාගත් දිනය 2025.06.30 ලෙස කලින් නම් කර තිබුණත්, බොහෝ පිරිසකගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව එම දිනය සංශෝධනය කිරීමට අධිකරණ⁣යෙන් ඉල්ලීමක් කළා ඒ ලැබෙන තීරණ අනුව අපි කටයුතු කරනවා…

    ​පාසල් යටිතල පහසුකම් වෙනුවෙන් නිවැරදි සැලසුම් අනුව ලබා දී ඇති ප්‍රතිපාදන විනිවිදභාවයකින් යුතුව වියදම් කර එහි ප්‍රගතිය ඉදිරිපත් කළ යුතුයි. ජාතික, පළාත් හෝ ග්‍රාමීය, නාගරික ලෙස බෙදී අපට මේ ගමන යා නොහැකියි. අධ්‍යාපන බලධාරීන් ලෙස ඔබ නිවැරදි දත්ත මත පදනම්ව කඩිනම් සහ නිවැරදි තීරණ ගන්න… ඒ වගේම ​පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සහ පිරිවෙන් ගුරුවරුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් කමිටුව දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවද අග්‍රාමිත්‍යතුමිය සඳහන් කළාය…”

    ​මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වෙළෙඳ හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ, ඌව පළාත් අධ්‍යාපන ලේකම් නිහාල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.