Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටටම ප්‍රශ්නයක් වූ ගල්අඟුරු ගැටලුව
    Featured

    රටටම ප්‍රශ්නයක් වූ ගල්අඟුරු ගැටලුව

    By LFNJanuary 27, 2026No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු හේතුවෙන් මෙරටට විදුලිබල පද්ධතියට සිදුවූ ජනන පාඩුව පියවා ගැනීම සඳහා කැළණි තිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය ක්‍රියාත්මක කළ යුතු බව බලශත්කි විශේෂඥයෝ පවසති.

    කැළණි තිස්ස සංයුක්ත චක්‍රීය බලගාරය මගින් මෙගාවොටේ 165ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට හැකියාව තිබේ.

    මෙරටට ගෙන්වන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් මේ වන විට ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව පැවසේ.

    දත්ත වාර්තා උපුටා දක්වමින් බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව මහතා සඳහන් කරන්නේ, ගල්අඟුරු බලාගාර තුනම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවේදී මෙගාවොට් 810ක විදුලි ජනනයක් සිදුවිය යුතු නමුත්, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් මේ වන විට උපරිම වශයෙන් ජනනය කළ හැක්කේ මෙගාවොට් 715ක් පමණක් බවය.

    ඒ අනුව, දිනකට මෙගාවොට් 95ක විදුලි ධාරිතාවක් අහිමි වන අතර, එම හිඟය පිරවීම සඳහා අධික පිරිවැයක් දරමින් ඛනිජ තෙල් භාවිතා කරමින් විදුලිය නිපදවීමට සිදුවන බවද බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව මහතා අවධාරණය කරයි.

    මෙම ගල්අඟුරු තොගය ජනවාරි මස 20 සහ 22 යන දෙදින තුළ විදුලි ජනන කටයුතු සඳහා භාවිතකළ බව වාර්තා සඳහන් වේ.

    එමෙන්ම නැප්තා භාවිතා කරමින් කැළණි තිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය ක්‍රියාත්මක කරන්නේ නම් මෙරටට විදුලිබල පද්ධතියට සිදුවූ ජනන පාඩුව පියවා ගැනීමට හැකියාව පවතින බව බලශත්කි විශේෂඥයෝ පවසයි.

    කෙසේවෙතත් ආන්දෝලයට තුඩු දී ඇති ඇති ගල්අඟුරු ටෙන්ඩරය යටතේ ලැබුණු ගල්අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ලබන අප්‍රේල් මාසයට පෙර මෙම වසරට අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය ආනයනය කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවත් එසේ වුවහොත් රට දැඩි බලශත්ති අර්බුදයකට පත්වන බවත් විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳව විශේෂඥයින් පෙන්වා දී තිබේ.

    එමෙන්ම මෝසම් වැසි ආරම්භ වීමට පෙර ගල්අඟුරු මිලදී ගැනීම් අවසන් කළ යුතු අතර අප්‍රේල් මස සිට සැප්තැම්බර් මාසය දක්වා මුහුදේ රළු තත්ත්වය හේතුවෙන් ගල්අඟුරු ගොඩබෑම කළ නොහැකි වනු ඇත.

    මෙරට විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල්අඟුරු මෙට්‍රික්ටොන් 60,000 ක ප්‍රමාණය අවම වශයෙන් නැව් 38 ක් ලෙස රැගෙන ආ යුතු අතර එම ප්‍රමාණයෙන් මේ වන විට නැව් තුනක් පමණක් ලැබී ඇති බව සඳහන් වේ.

    මෙරට විදුලි පරිභෝජනයෙන් තුනෙන් එකක් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ නිෂ්පාදනය කරන අතර එම ජනන යන්ත්‍ර තුනේ විදුලිය අඩුවුවහොත් දැඩි අර්බුදකාරී තත්වයකට පත්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.