Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ගැන පොලිසියෙන් අනාවරණයක්
    Featured

    පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ගැන පොලිසියෙන් අනාවරණයක්

    By LFNJanuary 27, 2026No Comments1 Min Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.

    අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ විශේෂයෙන් පාසල් ආශ්‍රිතව අයිස් පලම්, බොම්බයිමොටයි, ටොෆි, බිස්කට් සහ සාරවිට ආශ්‍රයෙන් මාවා සහ බාබුල් විකිණීමේ ක්‍රමයක් පවතින බවය.

    එවැනි ව්‍යාපාරික තැනැත්තන් පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මේ වනවිට ඒ හා සම්බන්ධයෙන් සැකකරුවන් 11දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන අතර ඒ සම්බන්ධයෙන් කිසිඳු පුද්ගලයෙකුට සමාවක් හිමි නොවන බවය.

    ඒ අනුව කොකේන්, අයිස් සහ හෙරොයින් යන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම මරණ දණ්ඩනය හිමි වන වරදක් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    සිය හිතවතුන් මෙම මත් උවදුරෙහි ගොදුරක් වීමට ප්‍රථම තම ප්‍රදේශයේ සැකකටයුතු යමක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ලබාදීම මහජනතාවගේ වගකීමක් වන බවද මෙහිදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.