Close Menu
Lanka Focus News
    What's Hot

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාව යථාවත් කිරීමේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කරයි
    Featured

    ශ්‍රී ලංකාව යථාවත් කිරීමේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කරයි

    By LFNDecember 11, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කිරීම අද (11) දින සිදුකරන ලදී.

    අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව අංශ හතක් ආවරණය වන පරිදි ප්‍රමුඛතා ලැයිස්තුවක් මේ වෙනුවෙන් සකස් කර ඇති බවයි.

    මේ සඳහා ඉදිරි මාස 04ක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 35ක පමණ වියදමක් දැරීමට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    ඒ අනුව ඉදිරි මාස හතර තුළ අමෙරිකානු ඩොලර් මිලියන 35ක් රැස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් උත්සාහ කරන බව ඔහු සඳහන් කළේය.

    රජය සහන සහ ප්‍රතිසාධන කටයුතු මෙහෙයවන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ඔවුන්ගේ සහාය ලබා දෙන බව ඔහු පැවසීය.

    එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ සඳහන් කළේ, ඕස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපා සංගමය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබා දෙන ලද සහයෝගය ඇතිව මෙම මුලපිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනටමත් අමෙරිකානු ඩොලර් මිලියන 9.5ක් ලැබී ඇති බවය.

    පාර්ශවකරුවන් සමඟ සම්බන්ධීකරණ වැඩසටහනක් සමඟින් ඉදිරි මාස කිහිපය තුළ තවත් අමෙරිකානු ඩොලර් මිලියන 26ක් රැස්කර ගැනීමට ඔවුන් උත්සාහ කරන බව ඔහු සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 202605 Views

    ව්‍යාජ ලේඛන සකස්කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඖෂධ තොගයක් සමඟ වලාන මධ්‍යම දූෂණ…

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.