Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවෙයි – අග්‍රාමාත්‍යවරිය
    Featured

    අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවෙයි – අග්‍රාමාත්‍යවරිය

    By LFNOctober 30, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

    මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගියදා (28) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි.

    එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවට සමගාමීව මහනුවර මහමායා බාලිකා විද්‍යාලයට මෙම අවස්ථාව හිමිව තිබුණි.

    මෙහිදී අදහස් දැක්වූ අචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ සිසුන්ට විශාල බරක් නොවන ලෙස ලෝකය වඩාත් යහපත් තැනක් බවට වෙනස් කිරීමට දායක විය හැකි පුරවැසියන් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්‍රමය ක්‍රමිකව වෙනස් කිරීමට පියවර ගන්නා බවය.

    මෙහිදී අග්‍රාමාත්‍යවරිය වෙත ඍජුව ගැටලු ඉදිරිපත් කිරීමට මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ශිෂාවන්ට අවස්ථාව හිමිවිය.

    නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා ශිෂ්‍යාවන් ආමන්ත්‍රණය කරමින් පැවසුවේ නීතිගරුක නොවන පුද්ලයෙකුට කිසිවිටෙකත් නීති සම්පාදකයෙකු විය නොහැකි බවයි.

    නීතිගරුක සමාජයක් බිහිකිරීම වෙනුවෙන් සියලු දෙනා කැපවී කටයුතු කළයුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. එසේම දශක ගණනාවක් මෙරට පාර්ලිමේන්තුව ලෙස භාවිත කළ ‍ඓතිහාසික ග‍ොඩනැල්ලෙහි සභාගර්භයේ සිට මෙම වැඩසටහන සිදු කිරීමට හැකිවීම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හිමිවන සුවිශේෂි ගෞරවනීය අවස්ථාවක් බවත් නියෝජ්‍ය කථානායකවරයා පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජන ඉතිහාසය සහ පාර්ලිමේන්තුවේ කාර්ය පිළිබඳව ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් දැනුවත් කිරීම සිදු කළේය.

    එසේම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ඒ. සර්වේස්වරන් මහතා ද මෙහිදී නීතිය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් ඉදිරිපත් කළේය.

    මීට අමතරව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන සබඳතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ සහ ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂණ ගමගේ යන මහත්වරු ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ ප්‍රාදේශීය මට්ටමෙන් ලබා ගැනීමට ඇති හැකියාවත්, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳවත් ශිෂ්‍යාවන් දැනුවත් කළහ.

    ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමෙන් පසු කථානායකවරයා පත් කිරීම හා දිවුරුම් දීම මෙන්ම මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදුවිය. අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තු අග්‍රාමාත්‍යවරිය හා අනෙකුත් අමාත්‍යවරියන් අදහස් දැක්වීමෙන් පසු ශිෂ්‍ය පාර්ලිමේන්තුව කල් තැබිණි.

    ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභිකයන්හට සහභාගීත්වය වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද මීට සමගාමීව සිදු කෙරිණි.

    මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, මහමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ශෂිකලා සේනාධීර මහත්මිය, පාසැලේ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු ආරාධිතයන් පිරිසක් සහභාගී වී සියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.