Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොටහේන ප්‍රදේශයේ මියගිය දැරියගේ විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට උපදෙස්
    Featured

    කොටහේන ප්‍රදේශයේ මියගිය දැරියගේ විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට උපදෙස්

    By LFNMay 11, 2025No Comments1 Min Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොටහේන ප්‍රදේශයේ සියදිවි නසා ගත් සිසුවියගේ සිද්ධිය විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පොලිස් විමර්ශන කණ්ඩායම් වෙත උපදෙස් ලබා දී තිබේ.

    ඒ අදාල සිසුවියගේ දෙමාපියන් සහ සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් කණ්ඩායම් අතර ඊයේ (10) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැනියගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවකදීය.

    මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් පාසල තුළ හා උපකාරක පන්තිය තුළ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් අපක්ෂපාතීව, නිවැරදිව, ඉතා කඩිනමින් විමර්ශන කටයුතු සිදුකරන ලෙස පොලිස් විමර්ශන කණ්ඩායමට උපදෙස් ලබා දී ඇත.

    එමෙන්ම මෙම සිද්ධිය දැනුම්දුන් මොහොතේ සිදු කළ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදුවූවා ද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී දැනුම් දුන්නාය.

    ළමා හිංසන සිද්ධි සම්බන්ධයෙන් මැදිහත් විය යුතු රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණය ඉතාම දුර්වල මට්ටමක පවතින බවත්, එහිදී හිංසනයට ලක් වූ දරුවා පිළිබඳව යහපත් අයුරින් ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකරන බවත් නිරීක්ෂණය වූ බැවින් එම යාන්ත්‍රණය නිරීක්ෂණය කර එය විධිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අස්විනි ප්‍රනාන්දු මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රීපුද්ගල කමිටුවක්ද අග්‍රාමාත්‍යවරිය විසින් පත්කරන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 202600 Views

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර…

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.