Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බලය වෙනුවෙන් කිසිම පක්ෂයක් එක්කර ගන්නේ නැහැ – ටිල්වින්
    Featured

    බලය වෙනුවෙන් කිසිම පක්ෂයක් එක්කර ගන්නේ නැහැ – ටිල්වින්

    By LFNMay 7, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන කිසිදු පක්ෂයක් සමග සන්ධානගතව සභා පිහිටුවීමට ජාතික ජන බලවේගය කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

    අද (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ස්වාධීනව තරගකර ජයග්‍රහණය කළ එක්වෙන්න කැමතිනම් ඒ පිරිස් එක්කරගනිමින් සභා පිහිටුවීමට අපේක්ෂා කරන බවය.

    “ජාතික ජන බලවේගය විශාල ආයතන සංඛ්‍යාවක බහුතර බලය ලබාගන්න සමත්වෙලා තිබෙනවා. සමහරතැන්වල ගැටලුවක් තියෙනවා. අපි පක්ෂයක් ලෙස වැඩි ඡන්ද දිනා ගත්තට, අනෙකුත් පක්ෂ එකතුවෙලා සමහර තැන්වල ජාතික ජනබලවේගයට වඩා මන්ත්‍රී සංඛ්‍යාව වැඩි තැන් ටිකක් තියෙනවා. එතකොට තනි පක්ෂයක් ලෙස මාලිමාව විශාල ජයක් ලබාගත්තට පස්සේ, එකට ඡන්දේ ඉල්ලන්න බැරුව වෙන වෙනම ඡන්දේ ඉල්ලපු කුඩා පක්ෂ ඔක්කොම තමන්ගේ ප්‍රතිඵල එකතුකරලා කිව්වොත් අපි තමයි වැඩි කියලා අපි හිතන්නේ ඒක යථාර්තය නෙමෙයි, සාධාරණත්වය නෙමෙයි.

    අපි දැක්කා පසුගිය කාලේ මැතිවරණවල සමහරු අගෝස්තු මාසේ ජනාධිපතිවරණය කැඳවන්න හිටපු අය ඉන්නවා. නොවැම්බර් මාසයේ ජනාධිපති වෙන්න හිතන් අය හිටියා. මේ ප්‍රතිඵලත් එක්ක මම හිතන්නේ ඒ අයට ඒ හීනවලින් මිදෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. කාටවක්වත් සභාවක බලය ගන්න පුළුවන් තත්ත්වයක් හැදිලා නැහැ. සමහර අයට එකයි හම්බෙලා තියෙන්නේ. සමහර අයට දෙකයි හම්බෙලා තියෙන්නේ. සමහර අයට තුනයි හම්බවෙලා තියෙන්නේ.

    හැබැයි මේ එක දෙක තුන හමුබවුණ ඕකොම එකතුකරලා එක ගොඩක් හදාගෙන ඒකෙන් සභා පිහිටුවනවා කිව්වොත් එහෙම ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. නීතියෙන් බධාවක් නැති වුණාට ඒවා ජනතාව විසින් ප්‍රතික්ෂේප වුණ කණ්ඩායම්. ගණිතමය ලෙස තමයි මේ අපි දිනුව කියලා පෙන්වන්න හදන්නේ.

    ඒ නිසා මේක ඉතා පැහැදිලිවම දේශපාලනය පැත්තෙන් ගත්තොත් මේ මැතිවරණය ජගගෙන තියෙන්නේ මාලිමාව. ඒ නිසා අපි අනිවාර්යෙන්ම මේ සියලුම ආයතනවල, අපි ජයගත් හැම ආයතනයකම සභාව පිහිටුවලා අපි රටේ කරගෙන යන සංවර්ධනය ව්‍යාපෘති අපට කරන්න පුළුවන්කම තියෙනවා”

    ප්‍රශ්නය – සමහර තැන්වල 50%වත් නැති අවස්ථා අපි දැක්කා. විපක්ෂයේ සහයෝගය ලබාගන්න වෙයිද ?

    “ජනතාව ප්‍රතික්ෂේප කරපු පක්ෂ එක්ක අපි එකතුවෙලා හවුල් ගහලා අපි සභා පිහිටුන්නේ නැහැ. ඒ අයට අත් අපි දන්නේ නැහැ එහෙම පුළුවන්ද කියලා. සමහර තැන්වල අපි දන්නවා ඔය ස්වාධීනව ඉල්ලපු බොහෝ අය ඉන්නවා. එවැනි අය උදව්වකරන්න ඉදිරිපත් වෙනවානම් අපි කැමති ඒ අයත් එක්ක වැඩකරගෙන යන්න”.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.