Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රෝයල් පාක් මිනී මැරුමේ සිද්ධියේ විත්තිකරු සිංගප්පූරුවේ නොමැති බවට දැනුම්දීමක්
    Local News

    රෝයල් පාක් මිනී මැරුමේ සිද්ධියේ විත්තිකරු සිංගප්පූරුවේ නොමැති බවට දැනුම්දීමක්

    By LFNApril 29, 2025No Comments3 Mins Read15 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රෝයල් පාක් මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව පසුව ජනාධිපති සමාව ලැබූ ජූඩ් ශ්‍රමන්ත නැමති විත්තිකරු මේ වන විට සිංගප්පූරුවේ නොමැති බව එරට බලධාරීන් විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ.

    රෝයල් පාක් මිනී මැරුම් සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට අදාළ පෙත්සමක් පෙත්සමක් අද (29) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

    එම වග උත්තරකරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතුවලට අදාළ ප්‍රගතිය විමසා බැලීම සඳහා අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැදවූ අවස්ථාවේදී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

    මෙම පෙත්සම අද එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම වගඋත්තරකරු සිංගප්පූරුවේ සිටින බවට මුලින් ලැබුණු තොරතුරු වලට අනුව මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් සිංගප්පූරු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බවය.

    එහෙත් එම වගඋත්තරකරු සිංගප්පූරුවේ නොමැති බවට එරට බලධාරීන් විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී ඇති බවත් ඒ අනුව මෙම වගඋත්තරකරු රැඳී සිටින්නේ කුමන රටක දැයි සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් රජයේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

    මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයි රාජා මහතා සඳහන් කළේ මෙම නඩු තීන්දුව නිකුත්කොට වසරකට ආසන්න කාලයක් ගත වී තිබුණද මෙම වගඋත්තරකරු සොයා ගැනීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවය.

    විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම වග උත්තරකරු පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා මාර්ගයෙන් කරුණු සොයා බැලුවේ දැයි විමසා සිටියේය.

    ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ ආගමන හා විගමන පාලකවරයාගෙන් වාර්තා කැඳවා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

    ඊට අමතරව මෙම වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු යොදා තිබුණ ද මෙම නඩුකරයට අදාළ මුල් නඩු ගොනුව සොයා ගැනීම පමා වීම හේතුවෙන් එම කටයුතුවල යම් පමාවක් ඇති වී තිබෙන බවද රජයේ නීතිඥවරයක් පැවසුවේය.

    කෙසේ වෙතත් නොපමාව මහාධිකරණය වෙතින් වරෙන්තුවක් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවත් එම උත්සාහය සාර්ථක නොවුනොත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත් රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

    ඉන් අනතුරුව අදාල පෙත්සම යළි ජූලි මස 28 වන දා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

    මේ අතර මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් ගෙවන ලෙස නියම කරනු ලැබූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගෙවා තිබෙන බව ඒ මහතාගේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

    ඒ එම නඩුකරය අද කැදවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.

    එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය විසින් නියම කළ වන්දි මුදල තම සේවාදායකයා විසින් දැනටමත් ගෙවා අවසන් කර තිබෙන බව සඳහන් කළේය.

    ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව මුදාහැරීමට ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202603 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.