Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවට
    Hot News

    මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවට

    By LFNApril 27, 2025No Comments2 Mins Read10 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් කේ, එම්. එම්. සිරිවර්ධන මහතා, සහභාගී වී තිබේ.

    වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වසන්ත රැස්වීම්වලට සමගාමීව, පසුගිය 23 වන දා මෙම සමුළුව පැවැත් විය.

    ණය සම්බන්ධ අභියෝග සහ විසඳුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර පොදු අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා ණයගැති රටවල් සහ ණයහිමියන් පොදු වේදිකාවකට ගෙන ඒමේ අරමුණින් 2023 වසරේ පෙබරවාරි මාසයේ දී ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුව පිහිටුවන ලදී.

    ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවෙහි සම සභාපතීත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ G20 රටවල සභාපතිත්වය විසින් දරනු ලැබේ.

    විවිධ ණය සම්බන්ධ පාර්ශ්වකරුවන් පොදු වේදිකාවකට ගෙන ඒමට අමතරව, ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවෙහි ජයග්‍රහණ අතරට මෑතක දී රටවල අධිකාරීන් සඳහා ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අත් පොත https://www.imf.org/-/media/Files/About/FAQ/gsdr/042325-gsdr-restructuring- playhook ashx හඳුන්වා දීම ද ඇතුළත් වේ.

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුව ආරම්භයේ සිට ම එහි සාකච්ඡාවලට ක්‍රියාකාරීව සහභාගී විය.

    මෙම වටයේ දී, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම් බෙදා ගන්නා අතර ම, ණය අර්බුදයට ලක්ව ඇති රටවල් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව නිම කිරීමෙන් පසු ණය පැහැර හැරීමේ තත්ත්වයෙන් ක්‍රමයෙන් ඉවත් වීම සහතික කිරීම සඳහා ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට පැවරෙන වැදගත් කාර්යභාරය ද අධිපතිවරයා අවධාරණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.