Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අපනයන වෙළෙඳපොළ වෙනුවෙන් කාබනික සීනි නිෂ්පාදනය කිරීමට අවධානය
    Featured

    අපනයන වෙළෙඳපොළ වෙනුවෙන් කාබනික සීනි නිෂ්පාදනය කිරීමට අවධානය

    By LFNJanuary 4, 2025No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (03) ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට එක් විය.

    එහිදී මෙම කර්මාන්තශාලාවල මේ වනවිටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් Eco Tourism ප්‍රවර්ධනය කිරීමටත් දැනට ලංකාව තුළ සිදුවන නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට විසඳුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනිවල ප්‍රධාන අතුරුඑලය වන එතනෝල් යොදාගනිමින් නිශ්පාදනය කළ හැකි මිල අඩු සහ ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබඳවත් අමාත්‍යවරයා විසින් මෙහිදී සොයා බලන ලදි.

    එමෙන්ම කාබනික පොහොර හා අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් කාබනික සීනි නිෂ්පාදනය හා අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් කාබනික සීනි නිෂ්පාදනය කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමුව තිබේ.

    තවද සීනි නිෂ්පාදනය බෙදාහැරීම සඳහා ක්‍රමවත් බෙදාහැරීම් ජාලයක් ඇති කිරීමටත් සේවකයන්ගේ ඵලදායීතාව වැඩි කිරීම සඳහා කාර්ය දර්ශක සකස් කිරීමටත් මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබේ.

    එමෙන්ම ගොවීන්ට ජලය ලබා ගැනීමේදි සිදුවන අපහසුතා අවම කිරීම සඳහා ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය හා එක්ව කඩිනමින් පියවර ගැනීම පිළිබඳවත් මෙම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.