Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම්වත් කිරීමක්
    Featured

    ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම්වත් කිරීමක්

    By LFNMay 25, 2024No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය අනුව මාලදිවයින් වැසියන්ට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු දින 30ක සංචාරක වීසා බලපත්‍රයක් නොමිලේ ලබා ගත හැකි බවය.

    එමෙන්ම දින 30කට වැඩි රැඳී සිටීමක් සඳහා, මාලදිවයින් ජාතිකයින්ට https://www.srilankaevisa.lk/ යන වෙබ් අඩවියට පිවිස නොමිලේ මාස 6ක වීසා බලපත්‍රයක් සඳහා අන්තර්ජාලය හරහා අයදුම් කළ හැකි අතර මෙම වීසා බලපත්‍රයට පරිපාලන ගාස්තුවක් අය කරනු ඇති බවද දන්වා තිබේ.

    එසේ නොමැතිව දැනටමත් ශ්‍රී ලංකාවේ සිටින සහ වීසා දිගුවක් අවශ්‍ය මාලදිවයින් ජාතිකයින් සඳහා කොළඹ මාලදිවයිනේ මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක වීසා සම්බන්ධයෙන් මෑත කාලීනව සිදුකළ වෙනස්කම් පිළිබඳව පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බවය.

    ශ්‍රී ලංකාවේ නව විද්‍යුත් වීසා ක්‍රමයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග මාලදිවයින් සංචාරකයින් ට එහි බලපෑමක් නොමැතිව නිරවුල්ව සිය සංචාරය සිදුකර ගැනීම සහතික කිරීම සඳහා මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රී ලංකාවේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ.

    එසේම ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින මාලදිවයින් වැසියන්ට වැඩිදුර සහාය අවශ්‍ය නම් ඒ සඳහා එරට අමාත්‍යාංශය හා සම්බන්ධ විය හැකි බව දැනුම් දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.