Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වත්මන් අයවැය සහ රට ගොඩනැගීම
    Featured

    වත්මන් අයවැය සහ රට ගොඩනැගීම

    By LFNDecember 4, 2023Updated:December 13, 2023No Comments2 Mins Read273 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය අය වැය ලේඛනය අවුරුද්දක් ඉලක්ක කරගත් කෙටිකාලීන ලේඛනයක් වූවාට එය රටේ මැදි හා දිගුකාලීන ආර්ථික සංවර්ධන සැලැස්ම පිළිබිඹු කරන අයවැයකි දිගුකාලීන සහ මැදි කාලීන ඉලක්ක සපුරා ගන්නේ කෙටිකාලීන සැලසුම් මතය. 2024 සඳහා අය වැය ඉදිරිපත් කරන්නේ එවැනි පසුබිමක් තුලය.

    බොහෝ දෙනකුගේ අවධානය යොමුව ඇත්තේ මෙවර අයවැය ලේඛනය මගින් අඩු ආදායම්ලාභී දිළිඳු කොටස්වලත් මධ්‍යම පන්තිය දක්වා කොටස්වලත් ආර්ථික පීඩනය අවම කිරීම සඳහා ගෙන ඇති සහන සැලසීමේ ක්‍රියාමාර්ග කෙරෙහිය. රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කර තිබේ.

    නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ රාජ්‍ය සේවකයන්ට මේ ආකාරයට ඉහළම වැටුප් වැඩිවීමක් ලබාදුන් දෙවැනි අවස්ථාව මෙය වේ. 2016 වර්ෂයේ දී අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් වැඩි කර එය මූලික වැටුපට එකතු කිරීම හේතුවෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉතා ඉහළ මට්ටමකට පත් විය.

    මෙවර එම ප්‍රමාණයෙන්ම වැටුප් වැඩිකර ඇති අතර එය ජීවන වියදම් දීමනාවට එකතු කර තිබේ. ජීවන වියදම් දීමනාවට එකතු කළ විට උපයන විට බදු ගෙවීම් සඳහා එය අදාළ කරගනු නොලැබේ. රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.3කි. ඒ හා සම්බන්ධ පවුල් සංඛ්‍යාවකට එම වැඩිවීම භුක්ති විඳීමට ඉඩ සැලසෙන ලදී.

    විශ්‍රාමිකයන්ගේ වැටුප මසකට රුපියල් 2500කින් වැඩිකර ඇති අතර ප්‍රතිලාභ ලැබෙන පවුල් සංඛ්‍යාව 730,000ක් පමණ වේ. ආබාධිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවමින් සිටි රුපියල් 5000ක දීමනාව රුපියල් 7500 දක්වා වැඩි කර තිබේ. ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව 130,000කි. රජයේ නිවාස කුලියට ගෙන ජීවත් වන නාගරික ප්‍රදේශවල පුද්ගලයන් 50,000කගේ ගෙවල් කුලිය අහෝසි කර ඔවුනට එම නිවාසවල හිමිකම ලබාදීමට වතුමන් අයවැය ලේඛණය තුලින් කටයුතු කර තිබේ.

    ඉහත සඳහන් සහනාධාර ක්‍රම වලින් ප්‍රතිලාභ ලබන මුළු පවුල් සංඛ්‍යාව 2,210,000කි. ඒ අනුව දිළිදු සහ මාධ්‍යම පාන්තික පවුල් විශාල සංඛ්‍යාවකට සැලකිය යුතු සහනයක් හිමි වන බව පැහැදිලි වේ. එබැවින් මෙම අයවැය හඳින්විය හැක්කේ දුගී ජන සහන සැලසෙන අයවැයක් ලෙසය.

    තවද මෙම අයවැයෙන් සමාජ ආරක්ෂණය, තරගකාරී වෙළෙඳපොළ ආර්ථිකයක් ඇති කිරීම, ආර්ථිකය ඩිජිටල්කරණය, නීල හරිත ආර්ථිකයක් ගොඩනැගීම සහ තරගකාරී ශ්‍රම බළකායක් ඇති කිරීම යනාදී අංශ කෙරෙහි ප්‍රමුඛාවධානයක් යොමුවී ඇති අයවැයක් බවට ඉදිරිපත් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202604 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.