Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වත්මන් අයවැය සහ රට ගොඩනැගීම
    Featured

    වත්මන් අයවැය සහ රට ගොඩනැගීම

    By LFNDecember 4, 2023Updated:December 13, 2023No Comments2 Mins Read273 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය අය වැය ලේඛනය අවුරුද්දක් ඉලක්ක කරගත් කෙටිකාලීන ලේඛනයක් වූවාට එය රටේ මැදි හා දිගුකාලීන ආර්ථික සංවර්ධන සැලැස්ම පිළිබිඹු කරන අයවැයකි දිගුකාලීන සහ මැදි කාලීන ඉලක්ක සපුරා ගන්නේ කෙටිකාලීන සැලසුම් මතය. 2024 සඳහා අය වැය ඉදිරිපත් කරන්නේ එවැනි පසුබිමක් තුලය.

    බොහෝ දෙනකුගේ අවධානය යොමුව ඇත්තේ මෙවර අයවැය ලේඛනය මගින් අඩු ආදායම්ලාභී දිළිඳු කොටස්වලත් මධ්‍යම පන්තිය දක්වා කොටස්වලත් ආර්ථික පීඩනය අවම කිරීම සඳහා ගෙන ඇති සහන සැලසීමේ ක්‍රියාමාර්ග කෙරෙහිය. රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කර තිබේ.

    නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ රාජ්‍ය සේවකයන්ට මේ ආකාරයට ඉහළම වැටුප් වැඩිවීමක් ලබාදුන් දෙවැනි අවස්ථාව මෙය වේ. 2016 වර්ෂයේ දී අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් වැඩි කර එය මූලික වැටුපට එකතු කිරීම හේතුවෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉතා ඉහළ මට්ටමකට පත් විය.

    මෙවර එම ප්‍රමාණයෙන්ම වැටුප් වැඩිකර ඇති අතර එය ජීවන වියදම් දීමනාවට එකතු කර තිබේ. ජීවන වියදම් දීමනාවට එකතු කළ විට උපයන විට බදු ගෙවීම් සඳහා එය අදාළ කරගනු නොලැබේ. රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.3කි. ඒ හා සම්බන්ධ පවුල් සංඛ්‍යාවකට එම වැඩිවීම භුක්ති විඳීමට ඉඩ සැලසෙන ලදී.

    විශ්‍රාමිකයන්ගේ වැටුප මසකට රුපියල් 2500කින් වැඩිකර ඇති අතර ප්‍රතිලාභ ලැබෙන පවුල් සංඛ්‍යාව 730,000ක් පමණ වේ. ආබාධිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවමින් සිටි රුපියල් 5000ක දීමනාව රුපියල් 7500 දක්වා වැඩි කර තිබේ. ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව 130,000කි. රජයේ නිවාස කුලියට ගෙන ජීවත් වන නාගරික ප්‍රදේශවල පුද්ගලයන් 50,000කගේ ගෙවල් කුලිය අහෝසි කර ඔවුනට එම නිවාසවල හිමිකම ලබාදීමට වතුමන් අයවැය ලේඛණය තුලින් කටයුතු කර තිබේ.

    ඉහත සඳහන් සහනාධාර ක්‍රම වලින් ප්‍රතිලාභ ලබන මුළු පවුල් සංඛ්‍යාව 2,210,000කි. ඒ අනුව දිළිදු සහ මාධ්‍යම පාන්තික පවුල් විශාල සංඛ්‍යාවකට සැලකිය යුතු සහනයක් හිමි වන බව පැහැදිලි වේ. එබැවින් මෙම අයවැය හඳින්විය හැක්කේ දුගී ජන සහන සැලසෙන අයවැයක් ලෙසය.

    තවද මෙම අයවැයෙන් සමාජ ආරක්ෂණය, තරගකාරී වෙළෙඳපොළ ආර්ථිකයක් ඇති කිරීම, ආර්ථිකය ඩිජිටල්කරණය, නීල හරිත ආර්ථිකයක් ගොඩනැගීම සහ තරගකාරී ශ්‍රම බළකායක් ඇති කිරීම යනාදී අංශ කෙරෙහි ප්‍රමුඛාවධානයක් යොමුවී ඇති අයවැයක් බවට ඉදිරිපත් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.