Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නියං තත්ත්වයෙන් කිරි ගොවියා ද අර්බුදයක
    Featured

    නියං තත්ත්වයෙන් කිරි ගොවියා ද අර්බුදයක

    By LFNAugust 27, 2023No Comments2 Mins Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින නියං තත්ත්වය මෙරට දියර කිරි නිෂ්පාදනයෙන් දෙවන ස්ථානය ගෙන සිටින වයඹ පළාතේ කිරි නිෂ්පාදනයටත් දැඩි බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

    දැඩි අව් රෂ්මිය හමුවේ ගවයන්ට ආහාර සඳහා සුදුසු තෘණ භූමි වියැළී ගොස් ඇති අතර, කිරි ගොවීන් පවසන්නේ, ඉදිරි සතිවල දී නියං තත්ත්වය උග්‍ර වුවහොත් දියර කිරි ප්‍රමාණය සියයට පනහකින් පමණ අඩු විය හැකි බවයි.

    සාමාන්‍යයෙන් මෙරට කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 1,250 ඉක්මවන අතර ඉන් සියයට 18කට වැඩි දායකත්වයක් සැපයෙන්නේ වයඹ පළාතෙනි.

    පසුගිය ජූලි මාසයේ වයඹ පළාතේ දියර කිරි නිෂ්පාදනය කිරි ලීටර් 156,000ක් ලෙසට සටහන් වුවත් ඉදිරි සතිවල දී නියඟය උග්‍ර වුවහොත් දියර කිරි ප්‍රමාණය සියයට පනහකින් පමණ අඩු විය හැකි බව කිරි ගොවින් පවසයි.

    වයඹ පළාත පුරා ගවගාල් තිස් පන්දහසක් පමණ පවතින අතර, ඒ තුළ සිටින ගවයන් දෙලක්ෂ විසි පන්දහසකට පමණ පවතින නියඟයෙන් බලපෑම් එල්ල වී තිබේ.

    ප්‍රදේශය පුරා තෘණ භූමි වියැළී යාම නිසා ගවයන්ට සුදුසු තෘණ සොයා ගැනිමට නොහැකි වීමෙන්
    ගවගාල් හිමියන් ද පත් ව ඇත්තේ, දැඩි අපහසුතාවකටයි.

    දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල කරමින් පවතින බව සඳහන්ය.

    මේ අතර, අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ පිහිටි කුඩා වැව්වල මේ වනවිට ජලය සිඳී ගොස් ඇති බව වාර්තා වේ.

    තිරුක්කෝවිල් හී පිහිටි මන්නම්කුලම වැවේ මේ වනවිට ඉතිරිව ඇත්තේ ඉතාම සුළු ජල ප්‍රමාණයක් පමණක් බව සඳහන්ය.

    මේ හේතුවෙන් සාගම ප්‍රදේශයේ තෘණ භූමි වියැළී යාමෙන් ප්‍රදේශයේ ගවයන්ට ආහාර සහ ජලය සපයා ගැනීම ගැටලුවක් වී තිබේ.

    මේ අතර, පොලොන්නරුව දිස්ත්‍රීක්කයට අයත් පැරණිතම ගම්මානයක් ලෙසට සැලකෙන මින්නේරිය රත්මලේ ගම්මානයේ පිහිටි රත්මලේ වැවේ ජලය සිඳී යාමෙන් එම ගම්වාසීන් ද පත් ව ඇත්තේ දැඩි අපහසුතාවන්ටයි.

    මාස 04ක පමණ කාලයක සිට වර්ෂාව නොමැතිකමෙන් රත්මලේ වැව මෙන්ම ප්‍රදේශයේ ළිංවල ජලය ද සිඳී යාමෙන් ගම්මානයේ පවුල් දහසකට පමණ බලපෑම් එල්ල වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.