Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»ඉන්දියාව ඉරත් අල්ලන්න සූදානම්
    Gossip

    ඉන්දියාව ඉරත් අල්ලන්න සූදානම්

    By LFNAugust 27, 2023No Comments2 Mins Read265 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‘චන්ද්‍රයාන් 3’ යානය සාර්ථකව සඳට යැවීමෙන් ලැබූ පන්නරයත් සමඟ, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, තව සතියක කාලයකින් හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට බලාපොරොත්තු වෙයි.

    හිරු ගවේෂණයට යැවෙන මෙම යානය නම් කර ඇත්තේ ‘ආධිත්‍යා’ Aditya-L1 යනුවෙනි.

    හිරුගේ රැස් වළල්ල, (හිරුගේ බාහිර වායුමය වැස්ම. ඉංග්‍රීසියෙන් කොරෝනා corona යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි.) සූර්ය සුළං ආදිය ගවේෂණය කිරීම මෙම ‘ආධිත්‍යා L1’ යානයේ අරමුණය.

    ‘ආධිත්‍යා’ Aditya-L1 ගවේෂණ යානය, L1 යනුවෙන් හැඳින්වෙන්නේ, එය හිරු සහ පෘථිවිය අතර L1 ලග්‍රාන්ජ් ලක්ෂයේ රඳවා තැබෙන නිසාය. ලග්‍රාන්ජ් ලක්ෂය ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක දුරකිනි.

    ‘ආධිත්‍යා’ Aditya-L1 හිරු ගවේෂණය කරනු ඇත්තේ L1 ලග්‍රාන්ජ් ලක්ෂයේ සිටය.

    ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ මූලස්ථානය ඇත්තේ බෙංගලූරු නුවරය. හිරු ගවේෂණයට ඉන්දියාව යැවෙන පළමු රොබෝ යානය ‘ආධිත්‍යා’ Aditya-L1 බව එම ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතන පවසා ඇත්තේ මහත් ආඩම්බරයෙනි.

    ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය යනු හිරු සහ පෘථිවිය යන ග්‍රහ වස්තූන් දෙකේ, ගුරුත්වාකර්ෂණයන්ගේ බලපෑමෙන් ආකර්ෂණයත් විකර්ෂණයත් දෙකම එක විට ඇති ස්ථානයකි.

    මෙවැනි තැනක රැ‍ඳ‍ෙන ග්‍රහ වස්තුවක් හෝ රඳවන අභ්‍යවකාශ යානයක් හෝ වැඩි ආයාසයක් නොගෙන, (හිරු දෙසට හෝ පෘථිවිය දෙසට හෝ ඇදී යාමක් නැතිව) කක්ෂයෙහි වෙනස් වීමක් නොමැතිව, ස්ථාන ගත කළ හැකිය.

    ඇමෙරිකාවේ නාසා ආයතනය, ප්‍රබල ‘ජේම්ස් වෙබ්’ අභ්‍යවකාශ දුරේක්ෂ රඳවා ඇත්තේ ද මෙම ලග්‍රාන්ජ් ලක්ෂ්‍යයේය.

    ලග්‍රාන්ජ් ලක්ෂ්‍ය දෙකක් මේ වනවිට හඳුනාගෙන ඇත.

    ලග්‍රාන්ජ් ලක්ෂ්‍ය එම නමින් නම් කර ඇත්තේ, ඒවා සොයා ගත් ජෝසප් ලුවී ලග්‍රාන්ජ් නම් කීර්තිමත් ඉතාලි-ප්‍රංශ ගණිතඥයා සිහිගන්වමිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.