Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අස්වැසුම ඇතුළු දීමනා එළැඹෙන සතියේ සිට
    Featured

    අස්වැසුම ඇතුළු දීමනා එළැඹෙන සතියේ සිට

    By LFNAugust 27, 2023No Comments2 Mins Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 අයවැය සදහා අමාත්‍යාංශවල වියදම් යෝජනා සම්බන්ධ සමාලෝචනය හෙට (28) සිට ලබන මස 10 වනදා දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ඔහු ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ ඒ අමාත්‍යාංශවල විෂය භාර අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමඟ අදාළ සාකච්ඡා සිදුකරන බවයි.

    කෙසේ නමුත් මෙවර අය-වැය යෝජනාව අභියෝගාත්මක එකක් වනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ අතර, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්, වැඩිහිටි සහනාධාරය, වකුගඩු රෝග සහනධාරය, සමෘද්ධි සහ අස්වැසුම ඇතුළු ප්‍රතිලාභ හිමිවිය යුතු පුද්ගලයන් සදහා පළමු අදියරේ සියලු දීමනා එළැඹෙන සතියේ සිට ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබේ.

    එහි දී අස්වැසුම දීමනා සඳහා රුපියල් බිලියන 5.4ක මුදලක්, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්, වැඩිහිටි දීමනා හා වකුගඩු රෝගීන් සඳහා රුපියල් බිලියන 1.8ක් හා සමෘද්ධි දීමනාව හිමි වී ඇස්වැසුම ලේඛනයට ඇතුළත් නොවීම නිසා අභියාචනා විමර්ශනය වන පුද්ගලයන් සඳහා රුපියල් බිලියන 1.2ක් වෙන් වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

    එසේ අභියාචනා විමර්ශනය වන පවුල් ඒකක ගණන 396,000ක් වන බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

    නව සුබසාධන මණ්ඩල සභාපති පත් කිරීමේ කටයුතු, යම් නීතිමය තත්ත්වයක් හේතුවෙන් ප්‍රමාද වූ බවත් මේ වන විට නව සභාපතිවරයා පත්කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ අනුව මේ වන විට මහා භාණ්ඩාගාරය මුදල් සූදානම් කර ඇති බව පවසන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, එම දීමනා එළැඹෙන සතියේ සිට ලබාදීමට නියමිත බව අවධාරණය කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.