Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි බිල වෙනස් වෙන හැටි ඇමති හෙළිකරයි
    Featured

    විදුලි බිල වෙනස් වෙන හැටි ඇමති හෙළිකරයි

    By LFNMay 24, 2023Updated:May 24, 2023No Comments1 Min Read218 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් අද (24) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළේය.

    ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල රුපියල් 5කින් අඩුකර තිබේ.

    එම කාණ්ඩය සඳහා ඒකකය නව මිල රුපියල් 25ක් කිරීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇත.

    මේ අතර ස්ථාවර ගාස්තුව රු 400ක සිට රුපියල් 250 දක්වා අඩුකිරීමට යෝජනා කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව පළමු කාණ්ඩයට අවමය 23%ක සහනයක් විදුලිබිල සඳහා ලබා දී ඇති බව පැවසු අමාත්‍යවරයා, එම සහනය ලබාගන්නා පවුල් 1,744,000ක් සිටින බවත් කියා සිටියේය.

    එමෙන්ම ඒකක 31 – 60 දක්වා විදුලිබිල 9%කින් අඩුවන බවත් ඒකක 0 – 60 දක්වා 7%කින් අඩුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒකක 0 – 30 දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,646ක් සඳහා ජූලි මාසයේ විදුලිබිල 23%කින් අඩුවීමට නියමිත බව ද පැවසු අමාත්‍යවරයා, ඒකක 31 – 60ත් අතර පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 10,692ක් සඳහා විදුලිබිල 7%කින් පහත දැමීමට යෝජනා කර ඇතැයි පැවසීය.

    හෝටල් කාණ්ඩය සඳහා 29% – 40% අතර විදුලිබිල අඩු කිරීමක් සිදුකිරීමට යෝජනා කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.