Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැබිනට් අමාත්‍යවරු තිහේ සීමාව ඉදිරියටත් -ජනපති
    Featured

    කැබිනට් අමාත්‍යවරු තිහේ සීමාව ඉදිරියටත් -ජනපති

    By LFNMay 18, 2023No Comments2 Mins Read181 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැබිනට් අමාත්‍යාංශ 30ක් පමණක් තිබිම ප්‍රමාණවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මෙම පවතින තත්ත්වය ඉදිරියට ද පවත්වාගෙන යා යුතු බවය.

    දැනටමත් පළාත් පාලන හා රාජ්‍ය පරිපාලන මෙන්ම වාරිමාර්ග සහ මහවැලි එක් අමාත්‍යාංශයක් යටතට පත්ව ඇති අතර වසර අවසන් වන විට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ද එක් අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

    රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් මූල්‍ය අරමුදල ලබාදුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධිය ළගා කරගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදි සඳහන් කළේය.

    “අද අමාත්‍යාංශ 30ක් පමණ තිබෙනවා. අපි එය එතනට සීමා කරමු. දැන් සිදුව තිබෙන්නේ හොඳ තත්ත්වයක් තමයි, පළාත් පාලන සහ රාජ්‍ය පරිපාලන එක අමාත්‍යාංශයක් බවට පත්කිරීම. වාරිමාර්ග සහ මහවැලි දැන් එකට තිබෙන්නේ. ලබන වසර අවසන් වන විට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත එක අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතුයි.

    ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම, හා විදේශ කටයුතු එකට තිබිය යුතුයි. මේ නව ප්‍රතිව්‍යුහගත කිරීම දැන් ආරම්භ කළ යුතුයි. එම ඇතැම් කටයුතු ලබන වසරේ අවසන් කිරීමට අපට හැකියාව තිබෙනවා.

    පළමුව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීම. ඉන් අපට ඉවත් විය නොහැකි අතර ඒ සමග ඉදිරියට යා යුතුයි. ඉන් සිදුවන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇතිවීම පමණයි. ඉන් පසුව මේ ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අපි අවධානය යොමු කළයුතුයි. ඒ සඳහා අපි සීග්‍ර සංවර්ධන වැඩපිළිවෙළකට යා යුතුයි. ඒ සදහා අපි 2048 වසර ඉලක්ක කරගෙන තිබෙනවා.

    මේ රටේ ආර්ථිකය බංකොලොත්වීම පිළිබඳ සැම අමාත්‍යාංශයක්ම වගකිව යුතුයි. අපට කාලයක් සිදුවුණා යම් යම් කටයුතු සඳහා මුදල් ලබාදීමට. එයින් සිදුවුණේ ජනතා මුදල් අපතේ යාම පමණයි. රටට මොකක්ද වුණේ කියලා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.