Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»විරල දෙමුහුන් සූර්යග්‍රහණයක් අද
    Gossip

    විරල දෙමුහුන් සූර්යග්‍රහණයක් අද

    By LFNApril 20, 2023No Comments2 Mins Read161 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (20) දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

    එයට හේතුව එකම සූර්ය ග්‍රහණය තුළ එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වීම බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    සූර්යග්‍රහණයේ ගමන් මාර්ගයේ ලොව සමහර ස්ථානවල සිටින නරඹන්නන් පූර්ණ සූර්යග්‍රහණයක් දකින අතර අනෙක් කොටස්වල සිටින අය වළයාකාර සූර්යග්‍රහණයක් දකිනු ඇත.

    අවස්ථා දෙකේදීම චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කරන අතර අමාවක දිනකදී පෘථිවිය සහ සූර්යයා අතරට චන්ද්‍රයා පැමිණි විට චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘතුවිය මත වැටෙන ප්‍රදේශවලට සූර්ය ග්‍රහණයක් ඇතිවේ.

    පෘථිවිය වටා චන්ද්‍රයාගේ කක්ෂය ඉලිප්සාකාර බැවින් පෘථිවියේ සිට චන්ද්‍රයා ට ඇති දුර විවිධ අවස්ථාවන්හිදී එහි සාමාන්‍ය අගයෙන් 6% කින් පමණ වෙනස් විය හැක.

    එමනිසා, චන්ද්‍රයාගේ දෘශ්‍ය ප්‍රමාණය පෘථිවියේ සිට ඇති දුර අනුව වෙනස් වන අතර, පූර්ණ සහ වළයාකාර ග්‍රහණ අතර සංක්‍රාන්තියට තුඩු දෙන්නේ මෙම බලපෑමය.

    ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය, අද ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04ට ආරම්භ වී දහවල් 12.29ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතය.

    සූර්ය ග්‍රහණය, වළයකාර අවස්ථාවේ සිට පූර්ණ අවස්ථාවට සංක්‍රමණය වී නැවත වළයාකාර අවස්ථාවට සංක්‍රමණය වීම දැකගත හැකි ස්ථාන දෙකක් පමණක් පෘථිවියේ ඇත.

    කෙසේ වෙතත්, අවාසනාවන්ත ලෙස මෙම ස්ථාන දෙක ද සාගරේ මැද පිහිටා ඇති බව ද කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.

    එම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට දෘෂ්‍යමාන නොවේ.

    කෙසේ වෙතත්, බටහිර ඔස්ට්‍රේලියාව, නැගෙනහිර ටිමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත්වල සිටින අයට සූර්යග්‍රහණය දෘශ්‍යමාන වන අතර, ඔවුන් ජීවිත කාලයටම එක්වරක් පමණක් විය හැකි මෙම අහස් සංදර්ශනය නැරඹීමට සූදානම් වෙති.

    මෙම සූර්යග්‍රහණය දැකිය හැක්කේ ලෝක ජනගහනයෙන් 8.77% කට තරම් සුළු කොටසකට පමණි.

    දෙමුහුන් සූර්යග්‍රහණ ඉතා දුර්ලභ වන අතර අවසන් දෙමුහුන් සූර්යග්‍රහණය මීට වසර 10 කට පමණ පෙර එනම් 2013 නොවැම්බර් 3 වන දින සිදු වූ අතර මීළඟ දෙමුහුන් සූර්යග්‍රහණය 2031 නොවැම්බර් මාසයේදී සිදුවනු ඇත.

    මෙම සූර්ය ග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවෙන නමුත් නාසා වෙබ් අඩවි ඔස්සේ සජීව විකාශනය අපට නැරඹිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 202601 Views

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය…

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.