Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»ස‍ඳට යන ගගනගාමීන් මෙන්න
    Gossip

    ස‍ඳට යන ගගනගාමීන් මෙන්න

    By LFNApril 4, 2023No Comments2 Mins Read203 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    PHOTO DATE: March 29, 2023. LOCATION: Bldg. 8, Room 183 - Photo Studio. SUBJECT: Official crew portrait for Artemis II, from left: NASA Astronauts Christina Koch, Victor Glover, Reid Wiseman, Canadian Space Agency Astronaut Jeremy Hansen. PHOTOGRAPHER: Josh Valcarcel
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, ලබන 2024 වසරේ දී, සඳට යන ගගනගාමීන් සිවුදෙනා ලොවට හඳුන්වා දීමට නාසා ආයතනය කටයුතු කළේය.

    ‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුමට සම්බන්ධ වන ගගනගාමීන් අතර කාන්තා ගගනගාමියෙක්, කළු ජාතික ගගනගාමියෙක් සහ කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරන කැනඩා ජාතික ගගනගාමියෙක් ද සිටිති.

    ඔවුන් රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් සහ ජෙරමි හැන්සන්ය.

    ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් මෙහෙයුමට එක්වන කාන්තාවය.

    වික්ටර් ග්ලෝවර් මෙහෙයුමේ නියමුවා ලෙස කටයුතු කරයි. චන්ද්‍ර මෙහෙයුමකට එක් වන පළමු කළු ජාතික ගගනගාමියා වන්නේ ද මොහුය.

    රීඩ් වයිස්මන් ‘ආටිමිස් 2’ මෙහෙයුමට නායකත්වය දෙයි.

    ජෙරමි හැන්සන් කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරයි.

    යළි සඳට ගොස් සඳ ගවේෂණය පමණක් නොව, සඳේ ජනාවාස පිහිටුවීමේ ද අරමුණින්, නාසා ආයතනය මෙහෙයුම් මාලාවක් සැලැසුම් කර තිබේ. ‘ආටිමිස්’ යනුවෙන් හැඳින්වෙන්නේ එම චන්ද්‍ර මෙහෙයුම් මාලාවය.

    ගගනගාමීන් සඳට ගෙන යෑම සහ ආපසු ගෙන්වා ගැනීම සිදු කරන්නේ ‘ඔරායන්’ නමැති චන්ද්‍ර යානයෙනි.
    ‘ආටිමිස් 2’ මෙහෙයුම ලබන 2024 දී ක්‍රියාවට නැංවෙන්නේ පසුගිය 2022 වසරේ සාර්ථක වුණු ‘ආටිමිස් 1’ මෙහෙයුමේ සාර්ථකත්වය නිසාය.

    ‘ආටිමිස් 1’ මෙහෙයුමේ දී ගගනගාමීන් නොමැතිව, නාසා ආයතනය ‘ඔරායන්’ චන්ද්‍ර යානය සඳ වටා යවා ආපසු ගෙන්වා ගත්තේය. එම අවස්ථාවේදී නාසා ආයතනය ‘ඔරායන්’ චන්ද්‍ර යානය සාර්ථකව අත්හදා බැලුවේය.

    ‘ආටිමිස් 2’ මෙහෙයුමේදී ද ගගනගාමීන් සඳට ගොඩබෑමක් කරන්නේ නැත. ඔවුන් සඳුගේ කක්ෂයට පිවිස, ආපසු පෘථිවියට පැමිණෙනු ඇත.

    ‘ආටිමිස් 2’ දින 10 ක මෙහෙයුමකි.

    ‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම යටතේ ගගනගාමීන් සඳුගේ කක්ෂයට යැවීම සිදුවන්නේ 1972 වසරේ සිදු කළ ‘ඇපලෝ 11’ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වී වසර 50 කට වඩා වැඩි කාලයකින් පසුව යැයි නාසා ආයතනය පෙන්වා දෙයි.

    ගගනගාමින් සඳට පය තැබීම සිදු කරන්නේ ‘ආටිමිස් 3’ මෙහෙයුම යටතේය. එය සිදුවනු ඇත්තේ 2025 වසරෙන් පසුවය. එහිදී ඉතිහාසයේ පළමු වරට, කාන්තාව ගගනගාමියකු ද සඳට පය තබනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.