Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදෙස්ගත වන කාන්තාවන් ට විශේෂ දැනුම්දීමක්
    Featured

    විදෙස්ගත වන කාන්තාවන් ට විශේෂ දැනුම්දීමක්

    By LFNMarch 30, 2023No Comments2 Mins Read268 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගතව සේවා ස්ථානයන්හි ගැටලුවලට මුහුණදී තානාපති කාර්යාලවලට පැමි‍ණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත්තේ, එම තීරණය අප්‍රේල් මස 1 වනදා සිටි ක්‍රියාත්මක බවය.

    එම කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාලවල කම්කරු සුබසාධන අංශ යටතේ සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇති අතර, එමගින් විදේශ රැකියාවල නියුතුව සිටියදී අවශ්‍ය විවිධ සේවාවන් ලබාගැනීම සඳහා තානාපති කාර්යාල වෙත පැමි‍ණෙන කාන්තාවන්ට අවශ්‍ය සුභසාධන පහසුකම් හා නේවාසික පහසුකම් ලබාදීම සිදුකරනු ලබයි.

    එම සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇත්තේ නීත්‍යානුකූල රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් පමණක් වන නමුත් මේ දක්වාම කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශගතවු කාන්තාවන් වෙතටද සුරක්ෂා නිවාසවලින් අවශ්‍ය සියලු සුභසාධන පහසුකම් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ.

    කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගතවන කාන්තාවන් සුරක්ෂා නිවාසයට පැමිණෙන අවස්ථාවලදී ඔවුන් විවිධ ගැටුම්කාරී තත්ත්වයන් ඇති කර ගන්නා අතර එම ගැටුම් පාලනය කිරීමට පොලිසියේ සහාය ලබාගැනීමට සිදුවූ අවස්ථාද පසුගිය දිනයන්හීදී ජනමාධ්‍ය මගින් ප්‍රචාරණයවීමද සිදුවිය.

    එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විවිධ නීත්‍යානුකූල නොවන මාර්ගවලින් රැකියා සඳහා විදේශ ගතව සේවා ස්ථානයන්හි ගැටලුවලට මුහුණදී තානාපති කාර්යාලවලට පැමි‍ණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමට කාර්යාංශය තීරණය කර ඇත.

    විශේෂයෙන්ම නීත්‍යානුකූල මාර්ගයන්ගෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීමට උනන්දු කිරීමත්, විවිධ තැරැව්කරුවන් හා නීත්‍යානුකූල නොවන විදේශ රැකියා ආයතනවල මැදිහත්වීමෙන් විදේශ රැකියා සඳහා කාන්තාවන් යොමුවීම අ‍ධෙර්යමත් කිරීමටත් ගනු ලැබූ පියවරක් වශයෙන් කාර්යාංශය එම තීරණයට එළැඹ තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026013 Views

    ‘ඉස්ලාමාබාද් සාම සංදේශය’ අත්සන් කිරීම හෙට (14) දිනයේදී සිදු නොවන බව ඉරානය පවසයි. එරට විදේශ…

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.