Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි
    Featured

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    By LFNMarch 23, 2023No Comments2 Mins Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආර්ථික අර්බුදය මතුවූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමා කිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා සිදු කළ විමර්ශනයේ වාර්තාව අධිකරණය හමුවේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා ඊ (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුනි.

    ඒ, එම අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද කැඳවූ අවස්ථාවේදීය.

    වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු කථිකාචාර්යවරුන් පිරිසක් පෙත්සම් ගොනුකර තිබුණි.

    අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති නීතීඥ අලි සබ්රි, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු පිරිසක් නම් කර තිබේ.

    එම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේ විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා සිටියේ ආර්ථික අර්බුදය මතුවූ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමා කිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා සිදු කළ විමර්ශනයේ වාර්තාව අධිකරණය හමුවේ ගොනුකර ඇති බවය.

    ඒ අනුව අමෙරිකානු ඩොලරය රුපියල් 203 ක අගයක ස්ථාවරව රඳවා ගැනීම, 2022 ජනවාරි මස 18 වනදා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා මෙරට විදේශ සංචිතවලින් අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීම සහ ආර්ථික අර්බුදය මතුවූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමා කිරීම යන කාරණා තුන පිළිබඳ විමර්ශන පවත්වා වාර්තාව ඉදිරිපත් කර තිබේ.

    රජයේ විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අදාළ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති බව දැනුම් දුන් අතර එහි පිටපත් විවෘත අධිකරණයේදී විනිසුරුවරුන් වෙත භාරදුනි.

    මෙම පෙත්සම් පිළිබඳ විභාගය අගෝස්තු මස 05, 06, 07, 11, 12 සහ 13 යන දිනවල පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.