Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»2022දී ශ්‍රී ලංකා ආර්ථිකය කඩාවැටුණේ මෙහෙමයි
    Business

    2022දී ශ්‍රී ලංකා ආර්ථිකය කඩාවැටුණේ මෙහෙමයි

    By LFNMarch 16, 2023No Comments2 Mins Read258 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට සෘණ 7.8ක අගයක් ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඇස්තමේන්තු ගත කර තිබේ.

    එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2022 වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ සියයට 12.4 ක අගයක් වාර්තා කර ඇති බවය.

    2021 වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 3.7ක ධනාත්මක අගයක් ගෙන තිබූ අතර එම වසරේ සිව්වන කාර්තුවේ වර්ධන වේගය සියයට 1.4ක් ලෙස දැක්වූණි.

    2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්මාන්තය, කර්මාන්ත කටයුතු හා සේවා ආර්ථික කටයුතු යන අංශ තුනේම සෘණ වර්ධන වේගයන් වාර්තා කර තිබේ.

    කෘෂිකාර්මික කටයුතුවල සියයට දශම 9ක වර්ධනයක් 2021 වර්ෂයේදී පෙන්නුම් කර තිබූ අතර එය 2022 වර්ෂයේදී සියයට 4.6ක පසුබැස්මක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    2021 වර්ෂයේ සියයට 5.7ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබූ කර්මාන්ත ආර්ථික කටයුතු 2022 වර්ෂයේදී සියයට 16ක සැළකිය යුතු පසුබෑමක් වාර්තා කර තිබේ.

    2021 වර්ෂයට සාපේක්ෂව සේවා ආර්ථික කටයුතුවල සියයට 2ක පසුබෑමක් 2022 වර්ෂයේදී සිදුව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වීම හා ඊට සමගාමීව සිදුවූ පොළි අනුපාතික ඉහළ යාම, දේශීය හා ගෝලීය වශයෙන් සැපයුම් අංශයෙන් සිදු වූ අඩාල වීම් සහ උද්ධමනය සැළකිය යුතු ලෙස ඉහළ යාම 2022 වර්ෂයේ දුර්වල ආර්ථීක කාර්යය සාධනය කෙරෙහි බලපා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026047 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.