Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පළාත් පාලන ආයතන ගැන ආණ්ඩුකාරවරුන්ව දැනුවත් කෙරේ
    Featured

    පළාත් පාලන ආයතන ගැන ආණ්ඩුකාරවරුන්ව දැනුවත් කෙරේ

    By LFNMarch 15, 2023No Comments1 Min Read210 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් පාලනයකට යටත් කිරීමෙන් අනතුරුව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් දැනුවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආණ්ඩුකාරවරු සමග පැවති සාකච්ඡාවකදී එම දැනුවත් කිරීම සිදු කර ඇත.

    එළඹෙන 19 වනදායින් අනතුරුව පළාත් පාලන ආයතන 341ක නිල කාලය කොමසාරිස් පාලනයකට යටත් කිරීමට නියමිතය.

    ඒ අනුව, මහනගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන්ට සහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල පාලනය එහි ලේකම්වරු යටතට පත්වනු ඇත.

    රජය ගනු ලබන තීන්දු, තීරණ පළාත් පාලන ආයතන මට්ටමෙන් ක්‍රියාවට නැංවීමේදී ජනතා අපේක්‍ෂාවන් ඉටුවන අන්දමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට පෙන්වා දී තිබේ.

    එමෙන්ම පළාත් පාලන ආයතනවල කටයුතු පිළිබඳව නිරන්තර සොයා බැලීමක් ආණ්ඩුකාරවරුන් විසින් කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

    මීට අමතරව පළාත් පාලන ආයතන මගින් දැනට ඉටු කෙරෙන සේවාවන් අඛණ්ඩව එලෙසින් ක්‍රියාත්මක කිරීමට අදාළ නාගරික කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් මෙහෙයවීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධාරණය කර ඇති බව සඳහන්ය.

    මේ අතර එළඹෙන 19 වන දිනට ප්‍රථම සියලු පළාත් පාලන ආයතන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරු භාවිත කරන වාහන ඇතුළු රජයේ දේපළ යළි භාර දෙන ලෙසටද දැනුම් දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026049 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.