Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනයට කමිටුවක්
    Featured

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනයට කමිටුවක්

    By LFNMarch 9, 2023No Comments3 Mins Read375 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email
    මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව මගින් මතු කරන කරුණු පිළිබඳ විමර්ශනය කිරීම කොට පසුගිය නොවැම්බර් 24 වැනිදා පැවති කෝප් කමිටුව විසින් ලබාදෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සොයාබැලීම පිණිස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන්රැස් විය.
    උක්ත විශේෂ විගණන වාර්තාවෙන් මතු කරන ලද කරුණු විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලදැයි කෝප් කමිටුව වෙත වාර්තා කරන ලද අභ්‍යන්තර විමර්ශන කමිටුව පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට එකඟතාවය පළවී තිබිණි.
    එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ රැස්වීම් පැවැත්වීම පිළිබදවත් අරමුදල් ‍විධිමත් ලෙස වියදම් කර තිබේද යන්න පිළිබදවත් පසුගිය රැස්වීමේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබූ අතර එහිදී විශේෂයෙන් පාලක සභාවේ  209 වන රැස්වීමේ වලංගුභාවය පිළිබඳව මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමටද කමිටු සාමාජිකත්වය එකඟ වී තිබිණි.
    ඒ අනුව අදාළ 209 වැනි රැස්වීමේ තීරණ වලට එකඟතාව පළ කොට ඇත්තේ සාමාජිකයන් 11 දෙනාගෙන් 07 දෙනෙකු පමණක් බව සහ හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු 04 දෙනෙක් සිය අත්සන් යොදා නොමැති බව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය. අත්සන් කළ 07 දෙනා විසින් මෙම රැස්වීමේ අත්සන් නාමලේඛණයට යොදා ඇති අත්සන් සහ ඔවුන් මීට පෙර පාලක මණ්ඩල රැස්වීම් වලදී යොදා ඇති අත්සන් අතර නොගැලපීමක් නිරීක්ෂණය වන බව සඳහන් කළ  විගණකාධිපතිවරයා, අදාළ 209 වැනි පාලක මණ්ඩල රැස්වීමේ තීරණ 210 වැනි රැස්වීමේදී සම්මත වීමක්ද සිදුවි නොමැති බවද පෙන්වා දුන්නේය.
    එමෙන්ම අදාළ පාලක මණ්ඩලයේ සමාජිකත්වය දැරූ එවකට අග්‍රාමාත්‍ය ලේකම් සහ වත්මන් ජනාධිපති ලේකම්වරයා විසින් එවැනි රැස්වීමකට තමා සභාගී නොවූ බවට තහවුරු කරන ලද බවද මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේය.
    ඒ අනුව දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කෝප් සභාපතිවරයා විසින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පහත නිර්දේශ ලබා දෙන ලදී.
    1. මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2015 – 2019 කාලය පිලිබඳ විශේෂ විගණන වාර්තාවෙන් මතු කරන කරුණු විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම.
    2. උක්ත විශේෂ විගණන වාර්තාවෙන් මතු කරන ලද කරුණු විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලදැයි කෝප් කමිටුව වෙත වාර්තා කරන ලද එක් පුද්ගල අභ්‍යන්තර විමර්ශන කමිටුව විසුරුවා හැරීම.
    3. උක්ත 209 වැනි රැස්වීමේ අත්සන් නාම ලේඛණයේ වලංගුභාවය පරික්ෂා කිරීම සඳහා එම නාම ලේඛණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරිම.
    4. විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව මගින් මතු කරන කරුණු පිළිබඳ කෝප් කමිටුව විසින් ලබාදෙන ලද නිර්දේශ වල ප්‍රගතිය පිරික්සීම සඳහා නැවත කමිටුව වෙත කැඳවීම.
    5. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය විමර්ශනය පිණිස පත් කිරීමට යෝජිත නව කමිටුවේ වාර්තාව මාස 03ක් ඇතුලත  කෝප් කමිටුව වෙත ලැබිමට සැලැස්වීම.
    මෙයට අමතරව කෝප් කමිටුවේ ඉදිරි සැලසුම් පිළිබඳව කමිටු සාමාජිකත්වයේ අවධානය යොමුවූ අතර එහිදී ප්‍රමුඛතාවය ලබා දියයුතු ආයතන පිළිබඳ අවධානය යොමුවිය. මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ දැනටමත් විගණකාධිපතිවරයා සමග ඒ පිළිබඳ සාකච්ඡා කොට ඇති බවයි. ඒ අනුව පොකුරු කමිටු ක්‍රමයක් ඔස්සේ අනු කමිටු මගින් විමර්ශන සිදු කිරිමටත් අත්‍යාවශ්‍ය සහ කාලීන වැදගත් කමක් සහිත ආයතන පමණක් ප්‍රධාන කමිටුව වෙත කැඳවීමේ ක්‍රමයක්ද සකසන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202606 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.