Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජපාන, කොරියා, ඉතාලි හා ඊශ්‍රායල් රැකියා දෙන්නම් කියන අය ගැන ප්‍රවේශමෙන්
    Featured

    ජපාන, කොරියා, ඉතාලි හා ඊශ්‍රායල් රැකියා දෙන්නම් කියන අය ගැන ප්‍රවේශමෙන්

    By LFNMarch 9, 2023No Comments2 Mins Read254 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියාවක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රු.1,195,000.00 ක මුදලක් වංචනිකව ලබාගත් කාන්තාවක, තවත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එලෙස මුදල් ලබාගන්නා අවස්ථාවේදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් 2023.03.07 දින මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    වරකාපොල ප්‍රදේශයේ පදිංචි රජයේ හෙද නිළධාරියෙකුගෙන් ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියාවක් ලබාදීම සඳහා මෙම කාන්තාව මෙසේ මුදල් ලබාගෙන ඇති අතර, අදාල රැකියාව ලබානොදීම හේතුවෙන් මේ පිළිබඳව ඔහු විසින් කාර්යාංශයේ විමර්ශන අංශය වෙත පැමිණිලි කර ඇත.

    එම පැමිණිල්ලට අනුව අත්අඩංගුවට ගනු ලැබූ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මෙම සැකකාරිය අද දින (2023.03.08 දින) රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    මේ සඳහා කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන් වන බුද්ධික විදානපතිරණ, දිල්හානි සපරමාදු, රවීන්ද්‍ර අබේපාල යන මහත්ම මහත්මීන් සහභාගි වී ඇත.

    දකුණු කොරියාවේ, ජපානයේ, ඉතාලියේ හා ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා සඳහා විවිධ පුද්ගලයින් මුදල් දී පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදුන් බවට වැඩි වශයෙන් මේ දිනවල කාර්යාංශයට පැමිණිලි ලැබෙමින් පවතින බව එම කාර්යාශංය පවසයි.

    ඓහෙයින් යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට විදේශ රැකියා සඳහා යාමට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනය කාර්යාංශයේ ලියාපදිංචි නීත්‍යානුකූල ආයතනයක්ද යන්නත්, අදාල රැකියා ඇණවුම් එම ආයතනය වෙත ලැබී ඇතිද යන්න සොයා බලන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් හෝ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස අදාල රැකියා නියෝජිතායතනයේ නීත්‍යානුකූලභාවය පරික්ෂා කරන මෙන් මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ඔබ ආයතනය මගින් මෙමගින් ඉල්ලා සිටිමි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202606 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.