Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අයි.එම්.එෆ් අවසන් සාකච්ඡා 20 වැනි දා
    Featured

    අයි.එම්.එෆ් අවසන් සාකච්ඡා 20 වැනි දා

    By LFNMarch 8, 2023No Comments1 Min Read237 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකා ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් මස පළමු වැනිදා ඇති කරගත් මූලික කාර්ය මණ්ඩල ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා එළඹෙන මාර්තු 20 වැනිදා විධායක කමිටුව රැස්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා පවසා ඇත.

    එහිදී ශ්‍රී ලංකාවට ණය මුදල ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරත්තු වන බව ආර්ථික විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත.

    විධායක කමිටුවේ න්‍යාය පත්‍රයට එහි සාමාජිකයන් අයිතම එකතු කරනු ලබන්නේ ඒ පිළිබඳ ක්‍රියා කිරීමට සුදානම් වූ පසුව පමණක් බව ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දී ඇත.

    ශ්‍රී ලංකාව තම සියලුම ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගෙන අවසන් බවත් ඒ හේතුවෙන් කාර්ය මණ්ඩල ගිවිසුම විධායක කමිටුව වෙත සමාලෝචනය කිරීම සඳහා ඉදිරිපත් කරන බවත් ශ්‍රීනිවාසන් මහතා ප්‍රකාශ කර තිබේ.

    චීනය ශක්තිමත් මූල්‍ය සහතිකයක් ලිඛිතව  ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

    විධායක කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් ණය හිමියන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ශක්තියක් වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202606 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.