Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සාම සාධක රාජකාරියේ නියැලී සිටි ශ්‍රී ලාංකික හමුදා නිලධාරීවරයෙකු ජීවිතක්ෂයට
    Featured

    සාම සාධක රාජකාරියේ නියැලී සිටි ශ්‍රී ලාංකික හමුදා නිලධාරීවරයෙකු ජීවිතක්ෂයට

    By LFNFebruary 21, 2023No Comments1 Min Read206 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නිරතව සිටි ශ්‍රී ලාංකික යුධ හමුදා නිලධාරීවරයෙකු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් පවසනවා.

    අනුරාධපුර, විහාරමැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි විවාහක දෙදරු පියෙකු වන ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බළකායේ ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය එම්.ජී.එල්. මහතා ඉකුත් පෙබරවාරි මස 11 වන දින පස්වරු 01.56 ට හදිසි හෘදයාබාධයක් වැළදීමෙන් අනතුරුව මාලි රාජ්‍යයේ බනාකෝ නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වා ගෙන යනු ලබන තුන් වන මට්ටමේ රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වී තිබේ.

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසර 14 ක සේවා කාළයක් සම්පූර්ණ කර ඇති මෙම ලාන්ස් කෝප්‍රල්වරයා එළඹෙන 2023.අගෝස්තු මස 17 දින මාලි රාජ්‍යයේ සිය රාජකාරී නිමා කර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්ප්‍රදායන්ට අනුකූලව මාලි රාජ්‍යයේ මිනුස්මා හමුදා මෙහෙයුම් ප්‍රධානී ඩැනියෙලා ක්‍රොස්ලැක් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම මූලස්ථානයේ දී පෙබරවාරි මස 16 වන දින පෙරවරු 09.00ට මේ පිළිබඳව අවමංගල්‍ය උත්සවයක් පවත්වා තිබේ.

    මෙසේ මිය ගොස් ඇති ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය මහතාගේ දේහය අද දින සවස 06.00 ට තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිත අතර ඉන්පසුව ඒ පිළිබඳ අවසන් අවමංගල්‍ය කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදා උත්තමාචාර මධ්‍යයේ අනුරාධපුර විහාරමැදවච්චියේ දී පැවැත්වීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,445 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,401 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 202600 Views

    කඩවත බස් නැවතුම්පොළ අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. බස් රථයක් කඩවත බස්…

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.