Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්
    Featured

    මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

    By LFNFebruary 18, 2023No Comments2 Mins Read322 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

    මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යාංශය මගින් ලබානොදීම ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට ඇති බාධා පිළිබඳව එහිදී ඉදිරි දින කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් මගින් දැනුවත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.

    එසේම මුද්‍රණාලය මගින් මුද්‍රණ කටයුතු ප්‍රමාද කිරීම, ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්ධන ප්‍රමාණවත්ව ලබානොදීම, පොලීසිය මුද්‍රණාලයට ආරක්ෂාව ලබානොදීම ඇතුළු කරුණු ද අදාළ මෝසම මගින් දැනුවත් කරන බව නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබුණ ද එම කාර්යය ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් තම කොමිසම විසින් සිදුකළ යුතු බව ඔහුද සඳහන් කළේය.

    පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීම මේ මොහොතේ දුෂ්කර කටයුත්තක් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා ඊයේ (17) සඳහන් කර තිබුණි.

    රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මියද සඳහන් කළේ, ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය ආරක්ෂාව නොමැතිවීම හේතුවෙන් එම කටයුතු ද මේ වනවිට ඇණහිට ඇති බවය.

    එවැනි පසුබිමක එළඹෙන පෙබරවාරි 22, 23, 24 හා 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද විමසීමද දින නියමයකින් තොරව කල්දැමීමට මැතිවරණ කොමිසමට සිදුවූ අතර ඡන්ද විමසීම පැවැත්වීමට එරෙහිව ආණ්ඩුව විවිධ බාධා පමුණුවන බව පවසමින් අද (17) ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණි.

    මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ලබානොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බැවින් ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා ද පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.