Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
    Featured

    වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

    By LFNFebruary 16, 2023No Comments2 Mins Read217 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතර, වැලිගම පොලීසිය ඉදිරිපිට අද (16) දහවල් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

    ඒ වැලිගම දෙණිපිටිය ප්‍රදේශයේ අවුරුදු 12ක දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් එයට සම්බන්ධ නොමැති බව පවසමින්ය.

    පසුගිය දා අතිරේක පන්තියකට සහභාගී වී අදාළ දැරිය නිවස කරා යමින් සිටිය දී තරුණයින් සිව්දෙනෙක් විසින් පැහැරගෙන ගොස් ලිංගික අතවර සිදුකර තිබුණි.

    ඒ සම්බන්ධයෙන් දැරියගේ දෙමාපියන් සිදුකළ පැමිණිල්ලක් මත වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    ඒ අනුව අදාළ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන තරුණයින් දෙදෙනෙක් ඊයේ සවස දෙණිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

    එයට විරෝධය පළ කරමින් අත්අඩංගුවට ගත් තරුණයින්ගේ ඥාතීන් කෑ කෝ ගසමින් පොලීසිය ඉදිරියට රැස්ව පවසා සිටියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් දෙදෙනා අදාළ සිදුවීමට සම්බන්ධ නොවන බවය.

    එමෙන්ම තරුණයින් ට පොලීසිය තුළ දී පහරදීමක් සිදුකර ඇතැයි ද අත්අඩංගුවට පත් තරුණයෙකුගේ මව පැවසීය.

    “අපේ පොඩි එක්කෙනා වැඩට යන්න ගියේ. එතකොට පොඩි ළමයෙක් එක්කන් ඇවිත් මෙයාද කියලා ඇහුවා. එයා මෙයා නෙමෙයි කියද්දිත් අරන් ඇවිල්ලා. ප්‍රශ්න කරන්න අරන් ඇවිල්ලා ගහලත් එක්ක. අපි කියන්නේ ඒ ළමයටත් සාධාරණයක් කරන්න ඕනේ. අහිංසක කොල්ලෝ දෙන්නෙක් ඇයි අරන් ආවේ. හරියට සාධාරණයක් කරන්න…. ළමයි හතරදෙනෙක් එකතුවෙලා ඒ ළමයට කරදර කරලා කියලා කියනවා. ඒ ළමයින්ගේ තාත්තලා කියනවා මේ ළමයි දෙන්නා නෙමෙයි කියලා. ඒ කට්ටිය එන්නම්ලු කියන්න. ඒ වුණාට පොලීසියෙන් දෙන්නේ නැත්තේ…”

    කෙසේවෙතත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.