Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංකාවේ ඇති වූ භූකම්පන ගැන පැහැදිලි කිරීමක්
    Featured

    ලංකාවේ ඇති වූ භූකම්පන ගැන පැහැදිලි කිරීමක්

    By LFNFebruary 13, 2023No Comments1 Min Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් සුළු භූකම්පන තත්ත්වයන් පිළිබඳ මහජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ මහතා පවසයි.

    ඔහු ප්‍රකාශ කළේ, මෙරට භුමියේ පිහිටීම අනුව විනාශකාරී අවදානම් සහිත භූකම්පන ඇති වීමේ හැකියාවක් නොමැති බවය.

    “වැල්ලවාය, බුත්තල ආදි ප්‍රදේශවල ජීවත් වන මිනිස්සුන්ට පසුගිය පැය 24 තුළ අලුයම 4 දක්වා යම්කිසි පොළොව හෙල්ලීමේ සන්නිවේදනයක් දැනුන බව ඇත්ත. ඒ සන්නිවේදනය භූකම්පනයක් තුර්කියේ ඇතිවුණා ආකාරයේ භූකම්පනයක් ද ? කියලා අනිසි බියක් ඇති වෙනවා නේ. අපේ ගොඩබිම් කොටස ඉතාම ස්ථාවරයි. ඒ තුළ සක්‍රීය භූ පැලුම් කිසිවක් විද්‍යාඥයින්ට හමුවෙන්නේ නෑ ඇත්තටම කිව්වොත් එයයි සත්‍යය. ඒ වුණාට ලංකා දුපත පිහිටලා තියෙන්නේ විශාල භූ තැටියක් වන ඉන්දු – ඔස්ට්‍රේලියානු භූ තැටියේ මධ්‍ය ප්‍රදේශයේ. එහි භූ විභේද නැත්නම් පැලුම් නැති නිසා අපිට භූකම්පනයක් ගොඩබිම තුළ ඇති වීමේ තත්ත්වයක් අපට නෑ.”

    මේ අතර අද (13) උදෑසන 4.15ට පමණ ඉන්දියාවේ තවත් භූකම්පනයක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ යුක්සෝම් ප්‍රදේශයෙහි එම භූ කම්පනය සිදුව ඇති බවය.

    එම භූ කම්පනය රික්ටර් මාපකයේ 4.3 ක අගයක් ගෙන ඇති බවද එම වාර්තා පවසයි.

    ඊයේ (12) සවස ද ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නාගොන් ප්‍රදේශයේ දී රික්ටර් මාපකයේ 4.0ක භූකම්පනයක් සිදුව තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.