Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වාහන ලක්ෂ 07ක AIRBAG අනාරක්ෂිතයි
    Featured

    වාහන ලක්ෂ 07ක AIRBAG අනාරක්ෂිතයි

    By LFNFebruary 12, 2023No Comments2 Mins Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    . නිෂ්පාදන දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලුන ක්‍රියාකාරීත්වය අනාරක්ෂිත යැයි හෙළිදරව් වූ මෝටර් රථ ඛාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් රථ ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ධාවනයේ යෙදෙන බව අනාරවණය වී තිබේ.

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසන්නේ, අවදානම් කාණ්ඩයේ පවතින වාහන ඒජන්ත සමාගම් සමඟ සාකච්ඡා කර හිමිකරුවන් හරහා එම වාහන යළි කැඳවීමට පියවර ගනිමින් සිටින බවය.

    වායු බැලුන ක්‍රියාකාරිත්වය රියදුරාට මාරාන්තික විය හැකි වර්ගයේ මෝටර් රථ සහ ජීප් රථ මෙරට මාර්ග පද්ධතිය තුළ ධාවනය වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

    නිෂ්පාදන දෝෂ සහිත එම කාණ්ඩයන්ට අයත් වාහන ලෝකයේ සෙසු රටවල ආපසු කැඳවා ඒවායේ වායු බැලුන යළි සකස් කර ඇතත් මෙරට එම කාණ්ඩයන්ට අයත් වාහන කිසිදු පරික්ෂාවකින් තොරව ධාවනය වන බව තහවුරු වී ඇත.

    මෙලෙස අවදානම් කාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් රථ ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ධාවනය වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

    මෑතකදී මෙරට සිදුවූ අනතුරකදී තරුණ විද්‍යාඥයෙකුගේ දිවි අහිමිවීමට වායු බැලුනයේ දෝෂයක් හේතුවී තිබීම හේතුවෙන් ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයකදී එම කරුණු අනාවරණය වී තිබේ.

    ඒ අනුව අවදානම් කාණ්ඩයට අයත් මෝටර් රථ කාණ්ඩ හා මාදිලි 47ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, එම වාහන ආනයනික ඒජන්ත සමාගම්වලින් අදාළ වාහන හිමිකරුවන් පිළිබඳ තොරතුරු ලබාගෙන වාහන යළි කැඳවීමට පියවර ගෙන ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

    වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

    “සිදුවුණ මාරක රිය අනතුරත් එක්ක, හොයා ගත්ත කාරණය තමා AIR BAG එකේ තිබුණ යකඩ කැබැල්ලක් එයාගේ ගෙල ප්‍රදේශයේ වැදිලා තමයි අනතුරෙන් මියගිහින් තියෙන්නේ. ඊට අදාළව එම AIR BAG සවිකරපු වාහන මොනවා ද කියලා කාණ්ඩ ගැන හොයාගෙන අපි ලබන සතියේම ලෑස්ති කරලා තියෙනවා ඒ අදාළ AIR BAG ඒජන්තවරු දැනට ලියාපදිංචි කරලා කරලා තියෙන සියලු වාහනවල AIR BAG එක නැවත සවිකරලා දෙන්න අදාළ වැඩකටයුතු කරන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.