Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටට වැරදුණු තැන කාදිනල් හිමි පෙන්වයි
    Featured

    රටට වැරදුණු තැන කාදිනල් හිමි පෙන්වයි

    By LFNFebruary 11, 2023No Comments2 Mins Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ණය ලබාදෙන්නැයි ලොව වටා සිඟමන් යදිමින් සිටින අවස්ථාවක සැමරූ නිදහසේ ඇති අභිමානය කුමක්දැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රශ්න කරයි.

    කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (10) පැවති උත්සවයක් අමතමින් කාදිනල් හිමියන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනතාව නිවැරදි දේ ක්‍රියාත්මක කිරීමට සූදානම් නොවීමත් රටේ බිඳවැටීමට හේතුවී ඇති බවය.

    “අද වන විට ශ්‍රී ලංකාවේ සමාජය හැඳින්වුවහොත් දරුණු ලෙස දුෂණයට ලක්වෙලා. පසුගිය වසර 75ක කාලය තුළ අපි ගමන් කළේ පිටුපසට, මේක තමයි මේ රටේ තත්ත්වය. ශ්‍රී ලංකාව අද වනවිට ආර්ථික වශයෙන් කඩාවැටීම පමණක් නොව සම්පූර්ණයෙන්ම හැම අතින්ම කඩාවැටීමකට ලක්වී තිබෙනවා. ජනතාවගේ සදාචාරාත්මක බිඳවැටීම මේ සියල්ලටම මූලික හේතුවයි.”

    “අපේ ජනතාව නිවැරදි දේ ක්‍රියාත්මක කිරීමට සූදානම් නැහැ. යුක්තිය වගේම නිවැරදි දේ සිදුකිරීම අද ජනතාවට අමතක වෙලා. හැමදෙයක්ම සිදුකරන්නේ තමන්ට මොනවා හරි දෙයක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්.”

    “රටේ ඉහළ සිට පහළ මට්ටම දක්වා සියලුදෙනා කාගෙන් හෝ කුමණ හෝ දෙයක් ලබාගැනීමේ අරමුණින් සිටින්නේ. ඒ තුළින් මුදලක් ඉපැයීමේ අපේක්ෂාවෙන්.”

    පෙබරවාරි 4 වනදා අපි සමරපු නිදහස කුමක්ද? ආචාර වෙඩි මුර 21ක්, කොඩි ඔසවමින්, ආචාර පෙළපාලි මහ පාරේ ගමන් කරමින් තානාපතිවරුන්ට සහ සම්භාවනීය අමුත්තන්ට පෙන්වනවා.. අපි ශ්‍රේෂ්ඨ රටක් කියලා. නමුත් අපි ලෝකේ වටෙන්ම සිඟමන් යදමින් හැමතැනම යනවා. එය අපේ නිදහස ද?”

    “අපේ නායකයා කියනවා නිදහස අභිමානයෙන් සැමරිය යුතුයි කියලා. කාගේ අභිමානයද අපි මේ සමරන්නේ. ඔහුගේ අභිමානයද ? නැතිනම් අපේ අභිමානයද ? අපි මේ දේවල් ඇසිය යුතුයි.”

    “විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග දේශීය ව්‍යවසායන් සම්පූර්ණයෙන්ම කප්පාදුවකට ලක් වුණා. දේශීයව නිෂ්පාදනය කළ හැකි සියල්ලම ආනයනය කිරීමත් සමග අපි යැපුම් ආර්ථිකයක් බවට පත්වුණා.”

    “ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගත්තොත් වෙළෙඳ හිඟය ඔවුන්ට වාසිදායක ලෙස ක්‍රියාත්මක වන්නේ. එම සබඳතාවල කිසිදු සමානාත්මතාවයක් දකින්නට නැහැ. චීනයත් සමග ඇත්තේත් මේ වගේ දෙයක්.”

    “අපි ධෛර්යවන්ත විය යුතුයි ඔවුන්ට පවසන්න අපි ඔබේ නිෂ්පාදන ගන්නවා නම්.. ඔබත් අපේ නිෂ්පාදන ගතයුතු බවට.”

    “මම මේ හැමදේම කියන්නේ ශ්‍රී ලංකාව අද සවිඥානික බව අහිමිවීමෙන් පීඩාවිදින නිසා.”

    “ඔබට ගෙවීමට ඇති ණයෙන් පැනයන්න බැහැ. ඒ නිසා ඔබ තවත් ණයක් ලබාගන්න යනවා. මේ වතාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්. මීට පෙර චීනය, ඉන්දියාව හෝ වෙනත් රටවලින්. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්.”

    “මේවායින් ඔබ ණය ගැතිභාවයෙන් මිදෙන්නේ නැහැ, තවත් ණය ගන්න ගිහින් තවත් ණය අර්බුදයක හිරවෙනවා. කෝ අපේ රටේ තිබුණු දේශප්‍රේමීත්වය, අපි මේ රටට කිසිඳු වටිනාකමක් නැති පුරවැසියන්. අපි අපේ ලංකාව නමැති අම්මාව විනාශ කළා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.