Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආදිවාසි නායකයත් ඡන්ද සටන අරඹයි
    Featured

    ආදිවාසි නායකයත් ඡන්ද සටන අරඹයි

    By LFNFebruary 7, 2023No Comments2 Mins Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආදිවාසීන්ගේ අනන්‍යතාවය තහවුරුවන වෙනම දේශපාලන පක්ෂයක් ඉදිරියේදී ලියාපදිංචිකරන බව දඹාන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පැවසුවේය.

    එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රදේශ කිහිපයකින් ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙනම ඉදිරිපත් වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ගහමරා ගනිමින්, බෙලිකපා ගනිමින් සිදුකරන වත්මන් දේශාපලන ක්‍රමය පිටුදැකීම සඳහා තම පක්ෂය පූර්වාදර්ශයක් සපයමින් ක්‍රියාත්මක කරන බව ද වන්නිලඇත්තන් පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ආදිවාසි නායකයා,

    “මම නම් කවදාවත් දේශපාලනයට එන්නවත් ඡන්දය ඉල්ලන්වත් බලාපොරොත්තුවෙන්නේ නැහැ. එහෙත් අපේ රැහේ උගත් තරුණ තරුණියෝ, අද කැළේටම කොටුවෙලා ඉන්න කැමති නැහැ. ඔවුන් සරසවි අධ්‍යාපනයට පවා යොමුවෙලා තියෙනවා. උපාධිධාරින් පවා සිටිනවා. ඒ අයගේ ඉදිරිගමන් මඟට නායකයා විදියට අවහිර කන්න මම කැමති නැහැ. ඒ ගමනට මම සුබ පතනවා. දිරි දෙනවා. සහාය දෙනවා. මේ තියෙන පක්ෂ දේශපාලනය ජනතාවට එපා වෙලා. ඒ නිසා මෙවර වෙනත් ස්වාධින පක්ෂයකින් අපේ තරුණ තරුණියෝ කිහිපදෙනෙක් දඹාන, හෙන්නානිගල, රතුගල, පොල්ලබැද්ද යන ගම්මානවලින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙලා සිටිනවා. වෙනම පක්ෂයක් ලියාපංදිචි කරන්න කාල වේලාවක් නොතිබුන නිසා. ඉදිරියේද අපේම පක්ෂයක් බිහිකරනවා.

    පසුගිය මැතිවරණ දිහා බැලුවම පක්ෂ පක්ෂ ඇන කොටගත්තේ ප්‍රචාරක කටයුතුවලදී. එක පක්ෂයක් පෝසටර් අලෙව්වම තවත් පක්ෂයක අය ඒක ගළවනවා. නැත්නම් ඊට උඩින් තම පක්ෂයේ පෝස්ටර් අලවනවා. මේවාට රණ්ඩු වී ගුටි ගහන්නවා. ගහ මරා ගන්නවා. මේ නිසා දඹානේ පෝස්ටර් ඇලවීම මහ පාරේ ලිවීම යනාදිය තහනම් කරන්න මම කටයුතු කළා. අපේ අපේක්ෂකයන් ගෙන් ගෙට ගිහිල්ලා සෙසු අයට ආදර්ශයක් දෙමින් අතිතයේ විදියට බුලත් අතක් දීලා ආචාර කරලා ඡන්දය ඉල්ලන්න පුරුදු කළා. සමහර පක්ෂ ඡන්ද ප්‍රචාරක කටයුතුවලට විශාල මුදලක් වැය කරනවා. ඇයි එහෙම කරන්නේ. බලයට පත්වෙන්න. බලයට පත්වුනාම කිසිම වැඩක් කරන්නේ නැහැ. උදව් ඡන්දදායකයින් අමතක කරනවා. ඒගොල්ල හදන්නේ අපට වැඩ කරන්න නෙවෙයි. ඒගොල්ලන්ගේ සුඛ විවරණය හදාගන්න. මේ ක්‍රමය වෙනස් විය යුතුයි.

    සමහරු හිතනවා ඡන්දය අපට අලුත් දෙයක් කියලා. නැහැ ඒක නොදැනුවත් කම නිසා ඇතිකරගත් සිතුවිල්ලක්. ඩඩ්ලි සේනානායක අගමැති තුමාගේ කාලයේ සිටම අපේ ඇත්තෝ ඡන්දයට ඉදිරිපත් වුණා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.