Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අපේ රටේ උරුමය නැති කරන්න බෑ… -ජනපති
    Featured

    අපේ රටේ උරුමය නැති කරන්න බෑ… -ජනපති

    By LFNFebruary 6, 2023No Comments1 Min Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 45 වැනි වාර්ෂික නවම් මහා පෙරහැර ඊයේ (05) රාත්‍රී විථි සංචාරය කෙරුණි.

    පෙරහැර වීථි සංචාරය කිරීම සඳහා සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සිදුකරනු ලැබීය.

    උඩරට පහතරට සබරගමු නර්තනාංග රැසකින් මෙන්ම අලි ඇතුන්ගේන්ද මෙවර නවම් මහා පෙරහැර අලංකාරවත් කර තිබු බව “අද දෙරණ” වාර්තාකරුවන් සඳහන් කළේය.

    පෙරහැර මංගල්‍යයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “අද අපි ජීවත් වෙන්නේ අමාරු කාලක. ඒ කාලෙන් අපි ගොඩ එන්න බලන්නේ. ඒ කාලේ තුළදී අපි ගොඩ ඇවිල්ලා, පුද්ගලයෙක් හැටියට විතරක් නෙමෙයි රටත් ගොඩ ගන්න. එහෙනම් ඒ අවස්ථාවකදී අපේ රටේ උරුමය නැති කරන්න බැහැ. ඒ උරුමය අමතක කරන්න බැහැ. මේ උරුමයත් ආරක්ෂා කරගෙන අපි රට ගොඩගන්නයි ක්‍රියා කරන්නේ. ඒ නිසා මේ වසරේ විශේෂයෙන්ම 75 වන නිදහස් දිනය. නිදහස ලැබූ අවස්ථාවේ සංවත්සරයේ ඒ උරුමයන් ආරක්ෂා කරගනිමින් තමයි මේ පෙරහැරත් නිදහස් වෙනුවෙන් ඒ සංදර්ශනයත් පැවැත් වුයේ. එහෙනම් මේ අපේ රටට අයත් කොටසක් අපේම කොටස් ඒවා වෙන්කරන්න බැහැ. එහෙනම් ලංකාව ගැන හිතන අය ඒ විදිහට කතා කරන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම මේ පෙරහැර පැවැත්වීම අපිට සෙත් පැතීමක් විදිහට මම සලකනවා. මේ අමාරු කාලයේ අපිට සෙත් පැතීමක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.