Close Menu
Lanka Focus News
    What's Hot

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෛද්‍යවරුන් අවුරුදු 60 න් විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගය දීර්ඝ කෙරේ
    Featured

    වෛද්‍යවරුන් අවුරුදු 60 න් විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    By LFNFebruary 1, 2023No Comments1 Min Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය මත නිකුත් කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරු සඳහා පමණක් ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ලබන මාර්තු මස 29 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

    වයස අවුරුදු 60 දී තමන්ව විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනුකළ රිට් පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය ලබාදුන්නා. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

    පෙත්සම කැදවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළ බවයි නෙත් නිවුස් අදිකරණ වාර්තාකරු සඳහන් කළේ. ඉන් පසුව මාර්තු මස 24, 28 සහ 29 යන දිනවල පෙත්සම් විභාගය පැවැත්වීමට දින නියම කල විනිසුරු මඩුල්ල දැනට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය මාර්තු මස 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙසත් නියෝග කළා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ විශේෂඥ වෛද්‍යවරුන්ට සාමාන්‍යයෙන් වයස අවුරුදු 63 දක්වා සේවයේ නිරත වීමට හැකියාව තිබූ බවයි.

    එහෙත් පසුගිය වසරේ ඔක්තෝම්බර් 17 දින අමාත්‍ය මණ්ඩලය වෛද්‍යවරු වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට තීරණය කල අතර එම තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාර වෛද්‍යවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,469 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 202605 Views

    බස්නාහිර, සබරගමුව,  වයඹ සහ උතුරු පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.