Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අයි.එම්.එෆ්. ගනුදෙනුව ඉදිරියට යන්න චීනයේ සහතිකය ප්‍රමාණවත් නෑ
    Featured

    අයි.එම්.එෆ්. ගනුදෙනුව ඉදිරියට යන්න චීනයේ සහතිකය ප්‍රමාණවත් නෑ

    By LFNJanuary 29, 2023No Comments1 Min Read265 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙත ලබාදීමට යෝජිත විස්තීර්ණ මූල්‍ය පහසුකම සදහා අවශ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් චීනය ශ්‍රී ලංකාව වෙත ලබාදුන් ණය  සහනය ප්‍රමාණවත් නොවන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

    ශ්‍රී ලංකාව සඳහා අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට චීනයෙන් තවත් සහතික කිරීම් අවශ්‍ය බව එම ආරංචි මාර්ග පවසන බවද ඩේලි මිරර් පුවත් සේවය පවසයි.

    චීනයේ විදේශ අමාත්‍යාංශය මේ සතියේ ප්‍රකාශ කර තිබුණේ චීනයේ අපනයන ආනයනි බැංකුව (EXIM) ශ්‍රී ලංකාවට වසර දෙකක ණය දිගුවක් ලබා දී ඇති බවයි.

    කෙසේ වෙතත්, ඉහළ රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයක් ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ මෙම සහනයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන ඉදිරියට පවත්මෙවාගෙන යාම වෙනුවෙන්ම එය ප්‍රමාණවත් නොවන බවයි.

    මේ අතර, ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් පැරිස් සමාජයද ප්‍රධාන නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවද එම වාර්තා පවසයි.

    ශ්‍රී ලංකාව තවදුරටත් ආර්ථික හා මූල්‍ය කඩාවැටීමෙන් ගලවා ගැනීම සඳහා තවත් වසර 15ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සමඟ රට සඳහා වසර 10 ක ණය කපා හැරීමක් යෝජනා කරන බව පැරිස් සමාජය පසුගියදාප්‍රකාශ කර තිබුණි.

    ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට අවශ්‍ය මාර්ගය සකස් කරන ලෙස ඉන්දියාව දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දන්වා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202605 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.