Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුහුදෙන් රී-යූනියන් ගිය 38ක් ගුවනින් මෙරටට
    Featured

    මුහුදෙන් රී-යූනියන් ගිය 38ක් ගුවනින් මෙරටට

    By LFNJanuary 26, 2023No Comments2 Mins Read288 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රීලාංකිකයන් 38 දෙනෙකු ඊ‍යේ (25දා)  සවස නැවතත් ගුවන් මගින් මෙරටට පිටුවහල් කිරීමට රී-යූනියන් දූපතේ ප්‍රංශ බලධාරීන් විසින් කටයුතු කර ඇත.

    2022 දෙසැම්බර් මස 01 වන දින කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු සමඟ මීගමුව ධීවර වරායෙන් පිටත්ව ඇති අංක IMUL-A-0532 CHW දරණ බහුදින ධීවර යාත්‍රාව වෙත, 2022 දෙසැම්බර් මස 13 සහ 14 යන දිනයන්හීදී පුත්තලම බත්තලන්ගුණ්ඩුව දූපතේ සිට ඩිංගි යාත්‍රා 03 ක් යොදා ගනිමින් පුද්ගලයින්  64 දෙනෙකු නංවාගෙන ඇත. අනතුරුව, මෙම නීතීවිරෝධි සංක්‍රමණිකයින් පිරිස රැගත් බහුදින ධිවර යාත්‍රාව පළමුව බ්‍රිතාන්‍යයට අයත් දියාගෝ ගාර්සියා වෙත ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර, එහිදී 2022 දෙසැම්බර් මස 30 වන දින   බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ‍ගෙන නැවත පිටුවහල් කර ඇත. පසුව, මිනිස් ජාවාරම්කරුවන් විසින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී 2023 ජනවාරි මස 14 වන දින රී-යූනියන්  බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී ඇත. අනතුරුව, මෙම නීතිවිරෝධි සංක්‍රමණිකයින් පිරිස රී-යූනියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් පුද්ගලයන් 38 දෙනෙකු මෙලෙස  නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.

    මෙලෙස ශ්‍රී ලංකාවට පිටුවහල් කල බහුදින ධීවර යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ තිදෙනෙක්  ඇතුළුව වසය අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 33 ක්, කාන්තාවන් දෙදෙනෙක්  ක් සහ වසය අවුරුදු 18 ට අඩු පිරිමි ළමුන් දෙදෙනෙක්  හා  ගැහැණු ළමයෙකු   ඇතුළු ශ්‍රී ලාංකිකයන් 38 දෙනා යාපනය, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව පුත්තලම, මීගමුව සහ ගම්පහ යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයන් බවට අනාවරණය වී ඇති අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

    මෙම ජාවාරම මෙහෙයවූ කල්පිටිය සහ මහනුවර ප්‍රදේශයන්හි  පදිංචි ජාවාරම්කරුවන් විසින් එක් පුද්ගලයෙකු‍ ගෙන් රුපියල් 400,000.00 සිට රුපියල් 1,000,000.00 දක්වා මුදලක් අයකර ඇති බවට අනාවරණය වී ඇති අතර, අහිංසක මිනිසුන් රවටා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ජාවාරම්කරුවන් විසින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට  හසුවී  නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර මුදල් නැති නාස්ති කරගැනීමෙන් සහ  නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස  නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.

    එමෙන්ම මෙවැනි අනවසර සංක්‍රමණිකයන් රී-යූනියන් දූපත වෙත ඇතුල් කරගැනීම සඳහා ප්‍රංශ රජයෙන් කිසිදු  අනුග්‍රහයක් හිමි නොවන අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන වහාම නැවතත් මෙරටට පිටුවහල් කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202607 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.