Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාසික වැටුප් වෙනුවට සති වැටුප් ගෙවන්න
    Featured

    මාසික වැටුප් වෙනුවට සති වැටුප් ගෙවන්න

    By LFNJanuary 26, 2023Updated:January 26, 2023No Comments2 Mins Read246 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැටුප් ලබන්නා මෙන්ම වැටුප් ගෙවන්නා ණය උගුලකට හිරවිම වැළැක්වීම සඳහා මාසික වැටුප් වෙනුවට සති වැටුප් ගෙවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල රජයට හා පෞද්ගලික අංශයට යෝජනා කරයි. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

    “ආණ්ඩුවේ සේවකයින්ට මාසික වැටුප් ගෙවන දිනයේ දී සියලු දෙනාට ඒවා ගෙවන්න බැරි වේවි යැයි ආණ්ඩුවේ ඇමතිවරුන් පැවසුවා. ආණ්ඩුවට විතරක් නොවේ මේ ආර්ථික අර්බුදය හමුවේ පෞද්ගලික සමාගම් වලටත් මාසික වැටුප් ගෙවීම බරපතල අභියෝගයක් වෙලා තිබෙන්නේ.

    ඒ නිසා පෞද්ගලික අංශය පොලියට ණයට ගනිමින් තමයි සේවකයන්ට වැටුප් ගෙවන්නේ. අනිත් පැත්තෙන් ජනතාවට බදු නිසා ආදායම අඩු වෙලා. උද්ධමනය නිසා වියදම වැඩි වෙලා. ඒ නිසා ලැබෙන වැටුපෙන් පරණ පුරුදු විධියට වියදම් කරන්න බැරි වෙලා. එහි අවසන් ප්‍රතිඵලය තමයි මාසයකට ලැබුණු වැටුප සති තුනක් වෙන්නත් කලින් අවසන් වීම.

    ඉතිරි සතිය ගත කරන්න පොලියට ණය ගන්නවා. ඊ ලඟ මාසයේ පොලියත් එක්ක ණය ගෙවන විට අර්බුදය තවත් උග්‍ර වෙනවා. අවසානයේ ජනතාව ණය උගුලක සිර වෙලා බෙල්ල වැල දා ගන්නයි වෙන්නේ.

    වැටුප් ලබන්නායි වැටුප් ගෙවන්නායි දෙන්නාම ණය උගුලක සිර කරන මාසික වැටුප් වෙනුවට සති පතා වැටුප් ගෙවීමට අපි යෝජනා කරනවා. එතකොට දැවැන්ත මුදලක් එක දවසක ගෙවන්න තිබෙන පීඩනයෙන් වැටුප් ගෙවන්නා නිදහස් වෙනවා. ඒ වගේම මාසික වැටුප සති තුනෙන් අවසන් වීමෙන් සිරවෙන ණය උගුලෙන් මිදීමට වැටුප් ලබන්නට හැකි වෙනවා. වැටුප් ගෙවන්නාත් වැටුප් ලබන්නාත් දෙන්නම ණය උගුලේ සිර වීමේ අවදානමෙන් මුදා ගැනීමට සතිපතා වැටුප් ගෙවීමෙන් පිටුවහලක් වෙනවා.

    ඒ වගේම ලෝකයේ බොහෝ රටවල දැන් වැටුප් ගෙවන්නේ සති පතා හෝ දෙසතියකට වරක් මිස මාස් පතා නොවන බවත් සිහිපත් කරන්න ඕනෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026

    රණවිරුවන් හැමදාමත් අපේ හදවත්තුළ අනුස්මරණීයයි – ජනපති

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.