Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාව ගැන චීනයේ ස්ථාවරය
    Featured

    ශ්‍රී ලංකාව ගැන චීනයේ ස්ථාවරය

    By LFNJanuary 17, 2023No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ විශේෂ පණිවුඩයක් රැගෙන දිවයිනට පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය Chen Zhou මහතා ඇතුළු පිරිස කොළඹදී ඊයේ (16) සමුළුවකට එක්විය.

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මෙම සමුළුව සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්ද එක්ව සිටියේය.

    එහිදී චීන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට සූර්ය බල ඒකක 1,000ක් පරිත්‍යාග කර තිබුණි.

    ලොව විශාලතම සුනිත්‍ය බලශක්ති නිෂ්පාදකයා, පාරිභෝගිකයා සහ අපනයනකරු ලෙස සැලකෙන්නේද චීනයයි.

    මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහාය වන ලෙස චීන නියෝජිත පිරිස හමුවු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබුණි.

    එම සමුළුවේ දී අදහස් දැක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය Chen Zhou මහතා,

    “අපගේ ක්‍රමෝපාය සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ශ්‍රී ලංකාව සමග කටයුතු කරමින් ඉදිරියට යාමයි චීනයේ අපේක්ෂාව. එමගින් වඩාත් යහපත් අනාගතයක් උදෙසා ප්‍රතිලාභ අපේක්ෂා කළ හැකියි. අපේ අසල්වැසි සහයෝගිතාව තහවුරු කිරීම අවශ්‍යතාවක් වන අතර සංවර්ධන පාර්ශ්වකරුවන් ලෙස අපට පොදු ප්‍රතිලාභ අත්විඳිය හැකියි. වැඩි ප්‍රතිඵලයක් අත්කරගැනීමට නම් හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය වැනි තීරුවක් සහ මාවතක් වැඩසටහන යටතේ ප්‍රායෝගික ආර්ථික සහයෝගිතාව පිළිබිඹුවන ව්‍යාපෘති හැකිතාක් ක්‍රියාවට නැංවීම සඳහා අප එක්ව කටයුතු කළ යුතුයි”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.