Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රීලනිප විශේෂ විධායක සභා රැස්වීම අද
    Featured

    ශ්‍රීලනිප විශේෂ විධායක සභා රැස්වීම අද

    By LFNJanuary 16, 2023No Comments1 Min Read251 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිදහස් ජනතා සන්ධානයේ විශේෂ විධායක සභා රැස්වීමක් අද (16) පැවැත්වේ.

    උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 12ක් එක්ව පසුගිය දා හෙලිකොප්ටරය ලකුණින් නිදහස් ජනතා සන්ධානය පිහිටවනු ලැබීය.

    ඒ අනුව එම සන්ධානයේ විධායක සභා රැස්වීම අද පස්වරු 6.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී එම රැස්වීම පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

    මෙහිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් පක්ෂ අතර අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතය.

    කෙසේවෙතත් මේ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත් වීමේ සුදානමක් පවතින බවට වාර්තා වේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත් වී පළාත් පාලන මැතිවරණයට තනිව තරග කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

    ඊයේ (15) දිනයේ ද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණු අතර නව සන්ධානය සමග ඉදිරියට කටයුතු කරන්නේ ද ? නැද්ද ? යන්න පිළිබඳව එහිදි සාකච්ඡා වී තිබේ.

    ඒ සම්බන්ධයෙන් ගනු ලැබු තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් විසින් අද පැවැත්වෙන නිදහස් ජනතා සන්ධානයේ විශේෂ විධායක සභා රැස්වීමේ ප්‍රකාශයට පත්කරන බව පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

    නිදහස් ජනතා සන්ධානයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් නොවන බව හිටපු බස්නාහිර පළාත් සභා අමාත්‍ය ගාමිණි තිලකසිරි මහතා පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.