Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චෞර දේශපාලන සංස්කෘතියේ අවසන් පරිච්ඡේදය මෙයයි – ඩලස්
    Featured

    චෞර දේශපාලන සංස්කෘතියේ අවසන් පරිච්ඡේදය මෙයයි – ඩලස්

    By LFNJanuary 12, 2023No Comments2 Mins Read204 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,ඩලස් අහප්පෙරුම,විමල් වීරවංශ, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මන්ත්‍රිවරු 35 දෙනෙකු එක්ව නිදහස් ජනතා සන්ධානය නමින් නව සන්ධානයක් ඊයේ පිහිටුවනු ලැබීය.

    ඒ ඉදිරි පළාත් පාලන ඡන්දයට එක්ව තරග කිරීම වෙනුවෙනි.

    සන්ධානය පිහිටුවමින් නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ නව සන්ධානය පවුල් පාලනයක මුක්කුවක් නොවන බවය.

    මෙම නව සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 10ක් එක්ව සිටී.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙම නව සන්ධානය පිහිටුවීම සිදුකළේය.

    අනතුරුව නිදහස් ජනතා සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් නව සන්ධානය පිහිටුවීම සඳහා වන ගිවිසුමට අස්සන් තැබීය.

    එ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර , නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස්, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ ජනජය පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න, නිදහස ජනතා පෙරමුණේ ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු පක්ෂ නියෝජිතයින් අස්සන් කළේය

    ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයට නිදහස් ජනතා සන්ධානය හෙලිකොප්ටරය ලකුණ යටතේ තරග වැදීමට නියමිතය.

    එහිදී අදහස් දැක්වූ උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,

    2023 වසර නොහිතන සමාජ පුපුරායාමක් විය හැකියි එය විවිධ බලවේග අයුතු ලෙස යොදා ගත හැකියි රාජ්‍ය බිඳවැටීමේ තීරණාත්මක අනතුරක් පාමුල ඉන් මුදාගැනීමට මෙම සන්ධානය පිහිටුවනවා ජ.වි.පෙ. කියනවා ජැක් ගහපු කට්ටියක්ලු ජැක්සන්ලා කියන්නෙ මහින්දට 2005 දී ජැක් ගැහුවා චන්ද්‍රිකාගේ පරිවාස ආණ්ඩුවට ජැක් ගැහුවා සරත් ෆොන්සේකාව කරේ තියන් ගියා මෛත්‍රීපාල සිරිසේනටත් වක්‍රාකාරව ජැක් ගැහුවා ජැක් එකේ ප්‍රතිඵලයක් ලෙස රනිල් අගමැති වුණා මෙතන ජැක් නැහැ – නායකත්ව මණ්ඩලයක් ඉන්නෙ

    එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා,

    “රටට සතුරු නොවන බලවේග එක්වුණා, චෞර දේශපාලන සංස්කෘතියේ අවසන් පරිච්ඡේදය මෙයයි. රට අයිති පාලකයාට කියලා හිතනවා පාලක පවුල රට බූදලයක් කියලා හිතනවා අපි මේ විනාශය විනෝදයක් කරගන්නෙ නැහැ ගරාවැටෙන පවුල් පාලනයක ආරුක්කුවක් මේ දේශපාලනය වෙනස් කිරීම අපේ අධිෂ්ඨානයයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.