Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි බිල වැඩි කළ හැටි වැරදී
    Featured

    විදුලි බිල වැඩි කළ හැටි වැරදී

    By LFNJanuary 11, 2023No Comments1 Min Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලිබල පනත හා මහජන උපයෝගිතා කොමිසමේ පනත අනුව ලංකා විදුලිබල මණ්ඩලයට, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට හෝ කැබිනට් මණ්ඩලයට විදුලි ගාස්තු වැඩිකිරීමට කිසිඳු බලයක් නැතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    එමෙන්ම අතීතයට බලපාන අයුරින් විදුලිබල වැඩි කළ නොහැකි බවත්, මෙහි සම්පූර්ණ බලය ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමට බවත් කී මන්ත්‍රීවරයා ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිබිල වැඩිකිරීම ව්‍යවස්ථාවට හා නීතියට පටහැනි බව ද සඳහන් කළේය.

    පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ 43 වන සේනාංක මූලස්ථානයේ දී ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ජනතාවගේ පිට මත විශාල බදු බරක් පටවා ඇති මේ මොහොතක විදුලිබිලත් පැටෙව්වොත් ඔවුන්ගේ කොන්ද කැඩී යා හැකි බවත්, ඒ නිසා කොන්ද කෙලින් තියාගෙන මෙයට එරෙහිව නැගී සිටින්නැයි තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පාඨලී චම්පික මහතා පැවසීය. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව මෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව ද බිඳවැටුණේ විදුලි අර්බුදයක් නිසා බව කී එවැනි තත්වයක් ඇතිකර නොගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.