Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුස්ලිම් සහ වතුකරයේ ප්‍රශ්න විසඳන්න ජනපති අත ගසයි
    Featured

    මුස්ලිම් සහ වතුකරයේ ප්‍රශ්න විසඳන්න ජනපති අත ගසයි

    By LFNJanuary 11, 2023No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම ඇතිව උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම අවසන් කළ වහාම වතුකරයේ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

    ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇත්තේ උතුරේ ජනතාවගේ ප්‍රශ්න රැසක් මේ වන විට විසදීමට ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙන පසුබිම යටතේ බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

    මෙරට සියලු දේශපාලන පක්ෂ වල සහභාගීත්වයෙන් පැවති සර්වපාක්ෂික හමුවේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පළ කළ අදහස් අනුව උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෘජු මැදිහත්වීම ලබා දුන්නේය.

    උතුරේ ජනතාවගේ ප්‍රශ්න බොහොමයක් විසඳීම ආරම්භ වී තිබෙන තත්ත්වය යටතේ ඊළඟට වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ වැඩකටයුතු වහාම ආරම්භ කිරීමට ජනාධිපතිවරයා අදහස් කර සිටින බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

    වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමෙන් අනතුරුව මෙරට මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කර සිටිතියි ජනාධිපති කාර්යාල ආරංචි තවදුරටත් තවදුරටත් සඳහන් කළේය.

    වතුකරයේ සහ මුස්ලිම් ජනතා ප්‍රශ්න විසඳීමේ දී ඒ ප්‍රජාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගී කර ගැනීමට ජනාධිපතිවරයා තව දුරටත් අදහස් කර සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.