Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජගිරියේ විදේශ රැකියා නියෝජිතායතන හිමිකරුවෙක් අත්අඩංගුවට
    Featured

    රාජගිරියේ විදේශ රැකියා නියෝජිතායතන හිමිකරුවෙක් අත්අඩංගුවට

    By LFNJanuary 11, 2023No Comments2 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති කඩකරමින් සම්මුඛ පරීක්ෂණ පැවැත් වූ රාජගිරිය ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරුවෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    නෙදර්ලන්තයේ ඇපල් වතුවල කම්කරුවන් ලෙස සේවය කිරීම සඳහා යවන බව පවසමින් එම නියෝජිතායතනය විසින් සම්මුඛ පරීක්ෂණ සිදුකළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

    1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව, විදේශ රැකියා සඳහා අයදුම්පත් කැඳවීම හා ප්‍රචාරය කිරීම නොකළ යුතු වේ.

    අදාළ රැකියා නියෝජිතායතනය නීත්‍යානුකූල ආයතනයක් වන නමුත් නෙදර්ලන්තයේ රැකියා ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත රැකියා ඇණවුමක් නොමැතිව සම්මුඛ පරික්ෂණ පවත්වා ඇති අතර, රැකියා ලබාදීම සඳහා රුපියල් 5,000 බැගින් අතිකාරම් මුදල්ද ගෙන ඇති බව වාර්තා වේ.

    මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් එම ස්ථානය වටලා තිබේ.

    එම අවස්ථාව වන විට තුන්සීයකට ආසන්න පිරිසක් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වීම සඳහා අදාළ ස්ථානයට පැමිණ තිබු අතර, මෙය නීතිවිරෝධි අයුරින් සිදුකරන කටයුත්තක් බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔවුන් විසින් අදාළ රැකියා නියෝජිතායතනයේ හිමිකරුවන්ට පහරදීමට උත්සහ කිරීම හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

    එහිදී නිතිවිරෝධි අයුරින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ රැකියා නියෝජිතායතනයේ හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 200ක්, රුපියල් හාරලක්ෂ තුන්දහස් අසූවක මුදලක්, රැකියා අයදුම්පත්‍ර ඇතුළු ලේඛන රැසක් විමර්ශන නිලධාරීන් භාරයට තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී‍ සැකකරුවන් වරද පිළිගත් බැවින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,445 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 202604 Views

    රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කටාන, කටුවැල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.