Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»’’ලංකාවට ලැබෙන්න තිබූ සැහැල්ලු දුම්රිය පද්ධතිය අහිමි කළා’’
    Featured

    ’’ලංකාවට ලැබෙන්න තිබූ සැහැල්ලු දුම්රිය පද්ධතිය අහිමි කළා’’

    By LFNDecember 31, 2022No Comments2 Mins Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බංග්ලාදේශයේ ඩකා නගරයේ දී පසුගියදා විවෘත කෙරුණු ආකාරයේ සැහැල්ලු දුම්රිය පද්ධතියක් ලබන වසරේදී ශ්‍රී ලාංකිකයන්ට ලැබීමට තිබූ අවස්ථාව මුග්ධ ලෙස කටයුතු කළ නිලධාරීන් හා උගතුන් යැයි කියනා කිහිප දෙනෙකු එකතු වී ගෝඨාභය රාජපක්ෂ මහතා ලවා රටට අහිමි කරවූ බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    මෙයින් අහිමි වූ ආයෝජන ප්‍රමාණය, ඩොලර් බිලියන 8 කට ආසන්න බව කී රණවක මහතා වසර 3 ක කාලය තුල එම මුදල් ලැබුණේ නම් වත්මන් ආර්ථිකය අර්බුදය ඇති නොවන බව ද ප්‍රකාශ කළේය.

    කොළඹ නගරය අවට සැහැල්ලු දුම්රිය පද්ධති 4ක් සහ, මරදාන සිට හෝමාගමට ප්‍රධාන දුම්රිය නවීකරණ ව්‍යාපෘතියක් තමන් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී සැලසුම් කළ නමුත් ඒ සියල්ල මුග්ධ තර්ක විතර්ක මැද 2020 දී නතර කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    කඩුවෙල සිට කොටුවට, මොරටුව, පිළියන්දල කිරුළපන හරහා මරදානට, රාගම, රාගම, කඩවත, කැලණිය, අංගොඩ හරහා කොටුවට සහ කොට්ටාව හරහා බත්තරමුල්ල ආවරණය වන ලෙස වශයෙන් මෙම සැහැල්ලු දුම්රිය පද්ධති සැලසුම් කර තිබූ බවත්, මෙයින් මාළඹේ කොටුව කොරිඩෝව පළමුව ඉදිකිරීමට ජපානයෙන් සියයට 0.1 පොලියට අවුරුදු 12ක ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ඇතිව තවත් අවුරුදු 40කින් ණය ගෙවීමට හැකි වන ආකාරයේ ණයක් දුන් බවත් හෙතෙම කීවේය.

    එමෙන්ම බත්තරමුල්ලේ, කොළඹ කොටුවේ විශාල ප්‍රවාහන මූලස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබූ අතර, එයට ප්‍රංශ රජයෙන් නොමිලේ ප්‍රධානයක් ලැබුණු බව ද කී මන්ත්‍රීවරයා මෙවන් ව්‍යාපෘති ගණනාවක් නතර කෙරුණු බවත් එය සහාසික අපරාධයක් බවත් පැවසීය.

    සෞභාග්‍යයේ මග නමින් පැමිණි අය රටට බොහෝ දෑ අහිමි කළ බව කී රණවක මහතා අනාගතයේ යම් ස්ථාවරත්වයක් ඇතිවුවහොත් පමණක් මේවා ක්‍රියාත්මක වනු ඇති නමුත් එම ව්‍යාපෘති සඳහා බලය, ජවය සැපයූ වෘත්තීයවේදීන් සියලුදෙනාම මේ වන විට රට හැරගොස් ඇති බව කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කිරීමට සිදුව ඇතැයි ද කීවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.