Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තෙල් සංස්ථාවේ කෝටි 230ක් වතුරේ ගිහින්
    Featured

    තෙල් සංස්ථාවේ කෝටි 230ක් වතුරේ ගිහින්

    By LFNDecember 27, 2022No Comments1 Min Read216 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයින පුරා පිරවුම් හල් වැඩි ප්‍රමාණයකින් මාසික උපයෝගීතා ගාස්තු අය කර ගැනීම පැහැර හැරීම නිසා 2014 සිට 2020 දක්වා වූ කාලපරිච්ඡේදයේදී රුපියල් කෝටි 230කට වැඩි අලාභයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

    මාසික උපයෝගීතා ගාස්තු අය කරගෙන තිබුණේ ඉන්ධන පිරවුම්හල් 11කින් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.

    සංස්ථාව සතු පිරවුම්හල් (CODO) සහ භාණ්ඩාගාරය සතු කාණ්ඩයේ පිරවුම් හල්වලින් (TODO) 2014 ජනවාරි 1 වැනිදා සිට මාසික උපයෝගීතා ගාස්තු අය කිරීමට තීරණය ගනු ලැබුවේ එවකට අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි.

    පසුගිය විගණන වාර්තා කිහිපයකින් මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණද ඉන්ධන පිරවුම් හල්වලින් මෙම ගාස්තු අය කර ගැනීමට කිසිදු ඵලදායි පියවරක් ගෙන නොතිබූ බව පෙන්වා දෙන විගණන නිලධාරීහු 2020 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල මේ සම්බන්ධයෙන් කිසිඳු ගැලපීමක් කර නොතිබූ බවද සඳහන් කරති.

    මේ අතර විදේශ විනිමය ණය පියවීම ප්‍රමාදවීම හේතුවෙන් සංස්ථාවට අමතර පොළී වියදම ලෙස රුපියල් කෝටි 70 ක පමණ මුදලක් 2020 වර්ෂයේදී දැරීමට සිදුවූ බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

    මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 202604 Views

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.