Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කලා පීඨවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලෙබාන් වගේ -මිහින්තලා රජමහා විහාරාධිපති
    Featured

    කලා පීඨවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලෙබාන් වගේ -මිහින්තලා රජමහා විහාරාධිපති

    By LFNDecember 19, 2022No Comments2 Mins Read259 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් නව නීති සහ පනත් සම්මත කර ගත යුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි.

    උන්වහන්සේ මේ බව සඳහන් කළේ, එම විහාරස්ථානයේ ඊයේ (18) පැවති වැඩසටහනකදීය.

    “අපේ රටේ පොදු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, සරසවි. සාමාන්‍ය පෙළ දෙපාරක් ලිව්වා නම්, එය අසමත් නම් ඒ දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදෙන්න ඕනේ. උසස් පෙළත් එහෙමයි. දෙපාරක් ලිව්වහම ඇති. ඊට පස්සේ ඒ ළමයි වෘත්තීය පුහුණුවට යොදවලා රටට අවශ්‍ය කරන පුරවැසියෝ නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේම සරසවි ශිෂ්‍යයෝ විශේෂවේදී, සාමාන්‍යවේදී කියලා තියෙනවා අවුරුදු 3 සහ 4. ඒ අවුරුදු ගණන ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයෙන් බැහැරවිය යුතුයි. ඒවට නීති සම්පාදනය කරන්න ඕනේ. අපේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාටත් එහෙමයි. සහරාන් කියන පුද්ගලයා ලංකාවේ රැවුල වවාගෙන නේ ඒ මනුස්සයා මැරුණේ. සහරාන්ලා වගේ ගොඩක් සරසවි ශිෂ්‍යයෝ, රටේ මිනිස්සු, ත්‍රිවිල් එලවන අය රැවුල වවන්න පටන් ගත්තා. ඒ වගේම අපේ සරසවිවල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ, ඒ වගේම සරසවිවල තියෙන කලා පීඨවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලෙබාන්ලා වගේ වැඩකරන්නේ. ලෙනින්ගේ න්‍යායට තමා ඒ අය වැඩ කරන්නේ. බුදු හාමුදුරුවෝ නෙමෙයි ශාස්තූන් වහන්සේ. ඉතින් කොණ්ඩ, රැවුල වවාගෙන භික්ෂූන් වහන්සේලා අර ඉන්නේ. අර හාමුදුරුවෝ කෙනෙක් කියලා තියෙනවා මම දැක්කා මුදා නොගත් ප්‍රදේශයක් තමා වඩමාරච්චි කියලා. ඒ වගේලු සරසවිවල පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය, ඒ වගේම අනෙකුත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය පීඨ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026049 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.